හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන්වූ අටදෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු තිබෙන ස්ථානය සොයාගත් බව ඉන්දිය බලධාරීහු පවසති.
ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එම ස්ථානය හඳුනාගෙන ඇති නමුත් අනෙක් තිදෙනාට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිරුරු හතරක් සමීපයේ වැටී තිබෙන බවත් එක් සිරුරක් මදක් ඈතට වන්නට වැටී තිබෙන බවත් දුටු බව ගුවන් හමුදාව පවසයි.
පිරික්සීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කරන නමුත් මොවුන් අටදෙනාම මියයන්නට ඇතැයි උපකල්පනය කරන බව ඉන්දීය බලධාරීහු පවසති.
හිමාලය කඳුවැටියේ දෙවැනියට උසම නන්දාදේවී මුදුන තරණය කිරීමට යෑමේදී හිමකඳු කඩාවැටීමක් හේතුවෙන් මොවුන් අනතුරට ලක්විය.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
783
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2432
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිමාලය තරණයට ගොස් අතුරුදන් වූ පස්දෙනකුගේ සිරුරු සොයාගනී