IMG-LOGO

හිමකන්ද කඩා වැටීමෙන් සිරවූවන් සොයන්න උමඟක් කැණීම අරඹයි

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ හිම කන්දක් ගංගාවකට කඩා වැටීමෙන් සිදුවූ ව්‍යසනයෙන් පසුව සිරවී ඇතැයි විශ්වාස කරන පිරිසක් බේරා ගැනීම සඳහා උමගක් කැණීමේ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ධූලිගංගා ග‍‍ඟේ තපෝවන් ව්‍යාපෘතියට සම්බන්ද කිලෝමීටර් 2.5ක් පමණ දිග උමඟක සිරවී සිටින කම්කරුවන් 35ක පමණ පිරිසක් බේරා ගැනිම සඳහා මෙසේ උත්සාහ කරන බව ප්‍රාන්ත බලධාරීහු පවසති.

 

මෙය ඉතා අපහසු කාර්යයක් බවත් මේ වනවිට මීටර් 100කට වඩා වැඩි උසකින් යුත් මඩ හා පාෂාණ තට්ටුවක් ඉවත් කර ඇති බවත් ඔවුහු පවසති. කෙසේවුවද උමගට විදුලි ජනක යන්ත්‍රයක් හා ජල ටැංකියක් යැවීමට සමත් වි ඇතැයි පැවසේ.

 

සිදුවු ව්‍යසනයෙන් පුද්ගලයින් 171කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි මේ වනවිට ගණනය කර ඇති බව බලධාරීහු පවසති.

 

ප්‍රාන්ත පොලිස් ප්‍රධානී කාර්යාංශය පවසන්නේ මේ වනවිට පුද්ගලයන් 33 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

 

අතුරුදන් වූවන්ගේ ඥාතීන් බලාපොරොත්තු දල්වාගෙන පස්වන දිනටත් රැඳි සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

 

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (0)

හිමකන්ද කඩා වැටීමෙන් සිරවූවන් සොයන්න උමඟක් කැණීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 94 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site