IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


හොඳ ම කෑම නෙදර්ලන්තයේ

ආහාර අනුභවය අතින් හොදම රට බවට නෙදර්ලන්තය පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ලොව ආහාර අනුභවයට ගැනීමට නරකම රට ලෙස චැඩ් රාජ්‍යය ද පත්ව ඇත.

මෙම සමීක්ෂණයට අනුව එක්සත් රාජධානිය 13 වැනි ස්ථානයටත් ඇමෙරිකාව 21 වැනි ස්ථානයටත් පත්ව ඇත. පෝෂ්‍යදායී අගයන් හා ආහාර සුලබ තාව යන කරුණු පදනම් කැර ගනිමින් මේ සමීක්ෂණය සිදුකැර තිබේ. වාර්තාව සැකසීම සදහා රටවල් 125ක ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකළ බව සමීක්ෂකයෝ කියති. එහිදී මිනිසුන්ට ප්‍රමාණවත් තරම් ආහාර තිබේ ද , ආහාර මිල දරාගත හැකි ද , හොද ආහාර තිබේ ද , ආහාර වලින් සෑදෙන ලෙඩ රෝගවල තත්ත්වය යන නිර්ණායකයන් සම්බන්ධයෙන් පර්යේෂකයන් තම අවධානය යොමු කැර ඇත. ඒ අනුව නෙදර්ලන්තය ආහාර පරිභෝජනයට ගැනීමට හොදම ස්ථානය ලෙසත් ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථාන වලටත් පත්ව ඇත.



අදහස් (0)

හොඳ ම කෑම නෙදර්ලන්තයේ

හේම් Monday, 27 January 2014 02:21 AM

ගුණවර්ධන මහතානනි ශබ නිවරදියි.(නදී)

:       0       0

ගමගේ Tuesday, 28 January 2014 08:51 AM

වස විස නැතුව අපේ ගම්වල හදන හාල් ටිකකුයි එළවළු ටිකකිනුයි ලැබෙන ගුණය මේ ලෝකෙ මොනම රටකින්වත් ලැබේවිද? (නදී)

:       0       0

සේන Thursday, 30 January 2014 11:20 AM

ගමගේ මේකාලේ මොන ගමේද වස විස නැති හාල් එළවලු තියෙන්නේ ? (අ)

:       0       0

ජයමාන්න Monday, 27 January 2014 03:17 AM

ගුනවර්දන මහත්මයාගේ කතාව නම් ඇත්ත. කොච්චර හොඳ කැම උනත් අපේ රටේ බත් ටිකක් කනවා තරම් නැහැ.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 27 January 2014 03:20 AM

මම ජීවත්වන්නේ ස්විට්සර්ලන්තයේ. නිවාඩුවට ලංකාවට ආපුවම අම්මාගෙන් කන මයියොක්කා බලමාලු සහා පොල්සම්බල් තරම් රස සහා ගුනය මෙහි නැත.(නදී)

:       0       0

සිරිනා මාග්‍රට් Monday, 27 January 2014 03:21 AM

අපේ අය ගොඩක් වෙලාවට අපේ රට බාල්දු කරලා කතාරනවා. ඒ අය පිටරටවල සැබෑ තත්වය දන්නේ නැහැ.(නදී)

:       0       0

සෑම් Monday, 27 January 2014 06:23 AM

කෑම විතරක්යැ ඇයි බීම? හෙයිනිකන් හදන්නේ නෙදර්ලන්තයේ නේ .(නදී)

:       0       0

ජේස් Monday, 27 January 2014 06:51 PM

මමත් ඉන්නේ නෙදෙර්ලන්තේ තමා,සතියකට 2-3 වරක් පොල් රොටියක්,සම්බෝල ටිකක් ,පරිප්පුවක් එක්ක බත් ටිකක් කෑවේ නැතිනම් ඇගට ටිකක් ෆිට් මදි වගේ,මෙහෙ තියන චීස්,කිරි වර්ග,එළවලු මස්වර්ග මෙහි විශේෂිත ආහාර වෙයි...(අ)

:       0       0

ජයන්ත Wednesday, 29 January 2014 04:56 AM

මඩකරි මාලු හොදියි, පොලොස් සම්බෝලෙයි, ගොටු කොළ සම්බෝලෙත් එක්ක බක් ඩිංගක් එකට අනාගෙන කනවා තරම් රස කැමක් මේ ලෝකේ නැහැ.(නදී)

:       0       0

බණ්ඩා Monday, 27 January 2014 08:48 PM

පිටකොටුවේ ස්ටේෂන් එක ලග තියෙන කඩේකින් කොත්තු රොටියක් කාල බලන්න කෝ ...ලංකාව නොම්මර 1 . (නදී)

:       0       0

නනිල් Monday, 27 January 2014 09:32 AM

ඔය සමීක්ෂණය කළ සංවිධානය මොකක්ද ? (නි)

:       0       0

දර්ශන Tuesday, 28 January 2014 02:30 PM

ලංකාව 91 වෙනි තැන. (නදී)

:       0       0

සේරම් Wednesday, 29 January 2014 08:21 AM

ඉල්ලන් කෑමෙන් ලංකාව පළමු තැනට එයි.(නදී)

:       0       0

තලගල Sunday, 26 January 2014 05:43 PM

ලංකාවට තැනක් හිමි වෙලා නැද්ද (දී)

:       0       0

ක්‍රිස්කා මිනු ප්‍රනාන්දු Sunday, 26 January 2014 06:10 PM

ලංකාව 125ට වත් අරන් නැද්ද (දී)

:       0       0

ජනා (සෞදියෙ...) Sunday, 26 January 2014 06:23 PM

වැරදියි වැරදියි, ජරාව වැඩියෙන්ම කන රට ලංකාවෙ වෙන්න එපාද,අම්මපා ලංකාව නැතිව මොන සමීක්ෂණද අප්පා.... (දී)

:       0       0

ගුණවර්ධන Sunday, 26 January 2014 10:09 PM

ඇත්ත තමයි කතාව මේ රට කෑම, බිම අතින් පෝෂ්‍ය රටක් මමත් ඉතින් දැන් අවුරුදු 31 ජිවත් වන්නේ නෙදර්ලන්තයේ නිසා ඒ බව දන්නවා. නමුත් අපේ ලංකාවේ කැකුළු බත් ටිකට පොල් සම්බෝලයක් සමග තේම්පරාදු කරපු පරිප්පු ටිකයි හින්දල උයපු බල මාළු කෑල්ලයි එකට අනල කනකොට තිබෙන ඒ රස කොච්චරද . (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 28 January 2014 06:59 AM

ඉල්ලන් කන (පරිප්පු ඇතුළු) කෑම අතින් පළමු තැන ලැබෙන්නේ ලංකාවට.(නදී)

:       0       0

සුනිල් යහම්පත් Sunday, 26 January 2014 10:37 PM

කල් පැනගිය නරක්වූ ආහාර කන කෑම අතින් සහ අපිරිසිදු වතුර බොන රටවලින් ලංකාව පලවෙනි තැනට එනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site