
ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හඳුනා නොගත් රෝගයකින් එක් අයෙකු මියගොස් 227 දෙනකු රෝහල් ගතකර තිබේ.
වෛද්‍යවරුන් පවසන්නේ රෝගී වූ පුද්ගලයන් පුලුල් පරාසයක රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.
රෝගීන්, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ සහ ගැස්ම, සිහිසුන්ව ඇද වැටීම වැනි තත්ත්වයන් ද පෙන්නුම් කරන බව ඔවුහු පවසති.
රෝගීවූ දරුවන් පවසා ඇත්තේ ඇස් දැවිල්ලක් ඇති බවයි.
රෝගීන්ගේ රුධිර සාම්පල වල වෛරස ආසාදනයක් ඇති බවට කිසිම සාක්ෂියක් පෙන්නුම් නොකරන බව වෛද්‍යවරු පවසති.
අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන්ද බහුලව වාර්තා වන නමුත් වෛද්‍යවරුන් පවසන්නේ මෙම හඳුනා නොගත් රෝගය වැළඳුනු රෝගීන් කොරෝනා ආසාදිතයින නොවන බවයි.
ජලය හෝ වායුව දූෂණය වීම හේතුවෙන් මෙම රෝගය හටගන්නට ඇතැයි සැකයක් පවතින බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය සති අන්තයේ එලරූ නගරය පුරා පැතිර ගිය මෙම රෝගයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඉන්දීය බලධාරීහු පවසති. මේ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එලරූ වෙත යවන බව ප්‍රාන්ත මහ ඇමති ජගන් මෝහන් රෙඩ්ඩි පවසයි.
(බීබීසී ඇසුරිණි)
085
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හඳුනා නොගත් රෝගයකින් ඉන්දියාවේ අයෙක් මියයයි - 227 ක් රෝහලේ
සෙල්ලසාමි Wednesday, 09 December 2020 02:08 AM
දඹදිව වන්දනාවේ ගිය පිරිස් ඇවිත් කියනවා ඉන්දියාවේ මාර්ග දෙපස අසූචි ගොඩවල් තියෙනවා කියල.එතරම් අපිරිසිදුව සිටින විට මෙහෙම දේවල් සිදුවීම වළක්වන්න බැහැ.