IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හෙදියන් බිමට ගන්න නිල ඇඳුම වෙනස් කරයි

හෙදියන්ට සුපුරුදු නිල ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිල ඇදුම ඇදීමට නියම කිරීමටත් ඔවුන්ට ගුවන් සේවිකාවන්ට ලබා දෙන පුහුණුවක් ලබා දීමටත් චීනයේ ජියැන්ග්සු ප‍්‍රාන්තයේ පිහිටි ලියැන්ෂුයි ප‍්‍රාන්ත රෝහල සැරැසෙයි.

මෙවන් පියවරක් ගැනීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ රෝහල් කාර්යමණ්ඩලය හා රෝගීන් අතර යහපත් සබදතාවක් ගොඩනඟා ගැනීම වඩාත් පහසු කිරීමය.

තම මගියන් කුමන තරාතිරමේ පුද්ගලයින් වුවද ගුවන් සේවිකාව ඔවුන්ට කාරුණිකව හා ආචාරශීලීව සළකන්නා සේ හෙදියන්ටද එසේ තමන් යටතේ සිටිනා රෝගීන්ට සැළකීමට පුහුණු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

හෙදි නිල ඇදුම වෙනුවට ගුවන් සේවිකා නිල ඇදුම ඔවුන්ට ලබා දීමට තීරණය කර තිබෙන්නේ රෝගීන්ට හෙදියන්ව තවත් සමිප කරවීමටය.

ආරම්භයක් ලෙස දැනට හෙදියන් 12 දෙනෙක්ට පුහුණුව ලබා දී තිබෙන අතර ඔවුහු ගුවන් සේවිකා නිල ඇදුමින් සැරසී රෝහලේ සේවය කරති.

රෝගීන්ද ඔවුන් හා හොද සබදතාවක් ගොඩනගා ගනිමින් සිටින බව සදහන්ය.

පුහුණුව ලබා ගුවන් සේවිකා නිල ඇදුමින් සැරසී සේවයට පැමිණෙන හෙදියෝද මේ අලූත් වැඩපිළිවෙලට ඉතා කැමැත්තෝය.ගුවන් සේවිකා නිල ඇදුමක් ඇදීමෙන් පසු තම පෙනුම කිහිප ගුණයකින් වැඩි වී ඇත්තාක් මෙන් පෙනෙන බව ඔවුහු පවසති.

මේ අතර ඇතැමුන් පවසන්නේ වැදගත් දෙය වන හෙදියන්ගේ ආකල්ප හා ඔවුන්ගේ සේවාවන් වැඩිදියුණු කිරීම යන දෙය අමතක කර රෝහල් බළධාරීන් නිශ්ඵල දේවල් වෙනුවෙන් කාලය වැය කරමින් සිටින බවය

 



අදහස් (0)

හෙදියන් බිමට ගන්න නිල ඇඳුම වෙනස් කරයි

රූපවතී Wednesday, 21 May 2014 09:15 AM

ඔව්මයි, ලංකාවේ ඊ ලග වර්ජනය අපිටත් ඕන පයිලට් පුහුණුව කියයි අපේ හෙදියෝ ? (නදී)

:       0       0

සුමින්ද ජයනාත් Wednesday, 21 May 2014 04:26 PM

අපේ කට්ටියට මොනවා දුන්නත් වැඩක් නැහැ. රෝගීන් ටික මරාගෙන තමයි පඩි වැඩි කරගන්නේ. (නදී)

:       0       0

ඉනෝකා Thursday, 22 May 2014 02:15 PM

අපෙ කට්ට්ටියට ඕව දෙන්න ඉස්සෙල්ල කරුණාවන්තකම ගැන වෙනම පුහුණුවක් දෙන්න වෙයි (දී)

:       0       0

ඇනස්ලි Thursday, 22 May 2014 02:38 PM

අපරාදේ මේක දැම්මේ, හෙට අනිද්දා අපේ අය පටන් ගනී උද්ඝෝෂණ.(නදී)

:       0       0

ඇසළ Tuesday, 20 May 2014 08:44 PM

රත්නපාල දන්නේ නැති වුණාට දොස්තරලා හැම වෙලාවේම එහෙම තමයි ඉන්නේ. (නි)

:       0       0

කමල් Tuesday, 20 May 2014 04:06 PM

අපේ අයට නම් අන්දන්න එපා, ගුවන් ප්‍රහාර එල්ල කරයි (නි)

:       0       0

බන්ඩාර Wednesday, 21 May 2014 01:42 PM

රජයේ අහවල් නිලධාරීන්ගේ සංගමයයි අහවල් නිලධාරීනියන්ගේ සංගමයයි දෙකම චීනෙට යනවලු. එහෙම කොහොමද හෙදියන්ගේ පුහුණුව වැඩි කරන්නේ. එතකොට වැටුප් වැඩිවෙනවා. දත් මහත්තුරුන්ගේ වැටුප ළඟටම යනවා. එහෙම කරන්නේ කොහොමද? චීනෙට හොඳ පාඩමක් උගන්නයි බලා ඉන්නකෝ. (ස)

:       0       0

චන්දන Thursday, 22 May 2014 05:02 PM

ගුවන් නියමු, ගුවන් සේවිකා සබඳතාවය වගේම, දොස්තර - හෙදි සබඳතාව ගොඩනගා ගත්තම අර්බුද අඩු වේවි. (ස)

:       0       0

රත්නායක Thursday, 22 May 2014 05:22 PM

එහෙම සැරසුනාම දොස්තරවරුන්ට තමයි හොඳ (නි)

:       0       0

රත්නපාල Tuesday, 20 May 2014 05:25 PM

ඒ අදහසත් නරකම නැහැ. එතකොට දොස්තර මහතුන්ට පයිලට්ලා වගේ අඳින්න පුළුවන්. (නි)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 10:59 PM

අපේ හෙදියෝ කොහොමත් ගුවන් සේවිකාවන්ට වඩා හැඩකාරයි කරුණාවයි ටිකක් කට සැරයි .වර්ජනවලට පැනල. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site