IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිත ඇත්නම් ජය අත ළඟ

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින්හි මැරතන් තරගයකට සහභාගීව සිටි කෙන්යා ජාතික හයිවොන් න්ගෙටිච් සිටියේ දිනුම් කණුව අසලය .තවත් මීටර් කිහිපයක් පසු කළ විට ඇය තරගයේ ජයග‍්‍රාහකයාය.

කිලෝමීටර ගණනාවක් දිව ආ  ඇය හොඳ හැටි වෙහෙසට පත්ව සිටියාය.පැය 3 කට ආසන්න කාලයක් ඇය නොනවත්වාම දිව්වාය. නමුත් ජයග‍්‍රහණය අභියස සිටි බැවින් දෝ ඇයගේ දැස සතුටින් දැල්වී තිබිණි.

එක්වරම ඇය බිම ඇද වැටුණේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.වෛද්‍යවරු හා සහන සේවකයෝ පිරිසක් වහ වහා ඇය වෙත දිව ගියහ.අධික වෙහෙස හමුවේ හයිවොන් පරාජයක සිටි ලකුණු පෙණිනි.

ඇය රෝද පුටුවකට නංවා ගැනීමට පිරිස උත්සාහ කළත් ඇය එය ප‍්‍රතික්ෂේප  කළාය.ඇයගේ දෑස තවමත් දිනුම් කණුව වෙත එල්ලවී තිබිණි.

ඇය මඳක් ඉහළට එසවුනාය.දෑත් වලටද බර දී සතර පයින් දිනුම් කණුව වෙත ගාටන්නට පටන් ගත්තාය.

ඒ දුටු තරගය නරඹමින් සිටියෝ ඔල්වරසන් නැඟූහ.වෛද්‍යවරුද ඇය පසෙකින් ගමන් කරමින් ඇයව දිරිමත් කළහ.

මේ අතර පසුපසින් දිවගෙන ආ තරගකාරියෝ දෙදෙනක් හයිවොන්ව පසුකළහ.නමුත් හයිවොන් නොසැළුණාය.

සතර පයින් ගාටමින් පැමිණි ඇය තෙවැනියා ලෙස තරගය නිම කළාය.

ඇයගේ ධෛර්යය හමුවේ මුසපත්ව සිටි නරඹන්නන් නැගූ සතුටු ඝෝෂාවෙන් ප‍්‍රදේශය ගිගුම් දුන්නේය.

හයිවොන් ගේ නොපසුබට උත්සාහයට ගෞරව කරනු වස් ඇයට තරගයේ දෙවැනි ස්ථානයට හිමි ත්‍යාග මුදල ලබාදීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.

පසු අවස්ථාවක මාධ්‍ය වෙත අදහස් දැක්වූ හයිවොන් තමන් තරගය අවසාන කළේ කෙසේදැයි තමන්ම නොදන්නා බව පැවසුවාය.

‘මා දන්නේ නැහැ මම කොහොමද ඒක කළේ කියලා.නරඹන්නෝ තමයි මා දිරිමත් කළේ.මම ඔවුන්ට ණය ගැතියි’ ඇය කීවාය.

25BD05A800000578-0-image-a-5_1424104835794 25BD058D00000578-0-image-a-6_1424104840264 25BE408E00000578-2955860-image-a-16_1424120766457 25BE408300000578-2955860-image-a-17_1424120780291 25BE409300000578-2955860-image-a-15_1424120759655

 



අදහස් (0)

හිත ඇත්නම් ජය අත ළඟ

සසික Tuesday, 17 February 2015 03:14 PM

දිරිය ඇති කෙල්ලෙක්. එයාට තව තවත් මේ වගේ තරඟ දිනන්න හැකියාව ලැබේවා! මගේ සුබ පැතුම්! (නි)

:       0       0

හෙට්ටිගොඩ Tuesday, 17 February 2015 04:59 PM

කමෝන් කමෝන්!! ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

දුම්මලසූරිය Tuesday, 17 February 2015 07:55 PM

ඇත්තටම හරිම සංවේදී සිදුවීමක්.පත්තරයෙන් මේ සිද්ධිය කියවපු හා ඒ ඡායාරූප බලපු මට දෑසට කදුළු ආවා.ඒ අවස්ථාවේ ඒ සිද්ධිය අත්දුටු ප්‍රේක්ෂකාගාරයේ සිටි නරඹන අයට දැනුන හැඟීම මට සිතාගත හැකියි. ඒ ධෛර්ය ඇයගේ මුළු ජීවිතයම එළිය කරාවි.... (නි)

:       0       0

සොපියා Tuesday, 17 February 2015 10:29 AM

තරඟය අවසන් කල විදිය හරිම ප්‍රශංසනීයයි (නදී)

:       0       0

දුමින්ද Wednesday, 18 February 2015 04:16 AM

අපේ රටේ ඡන්දෙන් පැරැදුණූ අයට මෙය හොද පාඩමක් කරගන්න පුළුවන් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site