IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැට අටේ කෙල්ල යුද පුහුණුවේ

යුක්රේන ජාතික ඉකටෙර්නියා බිල්යික් 68 හැවිරිදිය.ඇයගේ සමකාලිනියන් ඔවුන්ගේ නිවෙස් වලට වී ජීවිතයේ සැදෑ සමය සුවසේ ගත කරද්දී බිල්යික් සිටින්නේ ඇයට වඩා දශක 4 ක් පමණ වයසින් බාල තරුණ කැඩෙට් කණ්ඩායමක් සමග යුද පුහුණුව ලබමින්ය.

යුක්රේන ආරක්ෂක අංශ ‘දඩුවම් දෙන්නිය’ යන ආදර නමින් හඳුන්වන ඇය තම කණ්ඩායමේ සිටින අනෙක් සාමාජිකයින් හා සමව දස්කම් පෙන්වීමට සමත්ය.ඉලක්කයට වෙඩි තැබීමට ඇය උපන් හපනියකි.හිම ගොඩවල් වල බඩගාගෙන යෑමට,දිවීමට,පැනීමට ආදී ඇයගේ වයසේ කිසිවෙකුත් නොසිතන,නොකරන කි‍්‍රයාකාරම් වලට ඇය එක පයින් සූදානම්ය.

දෙදරු තිදෙනෙකුගේ මවක් වන බිල්යික් මුණුබුරු මිණිබිරියන් පස් දෙනෙකුගේ ආදරණීය මිත්තණියකි.ඔවුන් හා කාලය ගත කිරීමට හැකියාව තිබියදී මෙසේ යුධ වදින්ට පැමිණියේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීමට බව ඇය කියන්නීය.

‘නාසිවරුන් මගේ රටට ආපු කාලය ගැන අත්දැකීම් මට තියෙනවා.ඒ වගේ කාලයක් මගේ රටට ආයේ එන්න ඉඩ දෙන්න බැහැ.ලොකුම දේ තමයි මගේ රටේ ඉන්න තරුණ තරුණියෝ දැනගන්න  ඕනේ ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා මෙතැන.ඔවුන් දන්නේ නැහැ ඔවුන් එක්වුනොත් එතැන ඇතිවෙන්නේ මොන වගේ බලයක්ද කියලා.මට ඔවුන්ට ආදර්ශයක් වෙන්නට  ඕනේ.මහලූ වයසෙත් මම රට වෙනුවෙන් සටන් වදිනවා දැක්කහම ඔවුනුත් ඉදිරියට ඒවි කියලා මම හිතනවා.’’ ඇය පවසන්නීය.

පුහුණු සමය කෙමෙන් අවසානය දක්වා ලඟාවෙමින් තිබෙන මේ දිනවල ඇය සූදානම් වෙමින් සිටින්නේ යුධ පෙරමුණට යෑමටය.රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකර ඇති හෙයින් තමන්ට අත්වන ඉරණම කුමක්හෝ වේවා එයට සතුටින් මුහුණදෙන බව ඇය කියන්නීය.

fighting-grandmother-550x287

 

 



අදහස් (0)

හැට අටේ කෙල්ල යුද පුහුණුවේ

තිවංක Friday, 23 January 2015 06:42 PM

අනේ ඇත්තමයි මෙහෙමත් දේවල්! (නි)

:       0       0

සාරා Thursday, 29 January 2015 01:17 PM

මට මේ අම්ම ගැන ආඩම්බරයි (නදී)

:       0       0

තිලක් Friday, 23 January 2015 12:22 PM

වයස 68 නම් මෙයාට නාසි වරුන් ගැන මතකයක් තියෙන්න බෑ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site