IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු ඊජිප්තු ජනපති පෝරකෙන් බේරේ

රජයට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් මරා දැමීමට අණ දුන්නේ යැයි චෝදනාවලට වරදකරු වූ ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට වසර විස්සක සිර දඩුවමක් පැණවූ එරට අධිකරණය ඔහුට එරෙහි ඝාතන චෝදනාවලින් ඔහු නිදහස් කළේය.

 නඩු විභාග කිහිපයකින් අනතුරුව මෙම තීන්දුව ලබාදුන්නේ 2012 වසරේ හටගත් ජනතා විරෝධතාවලට සම්බන්ධ වූ උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් වද හිංසා පැමිණවීමත් යන චෝදනාවලටය.

ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඩ් මොර්සි ඇතුළු 14 දෙනකුට මේ ආකාරයෙන් චෝදනා එල්ල වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකුටද හිටපු ජනපතිවරයාට මෙන් වසර විස්සක සිර දඩුවමක් නියම කර ඇතැයි වාර්තා විය.

ජනපති මන්දිරය ඉදිරියේ පැවැති ගැටුම්වලදී මාධ්‍යවේදීන් දෙදෙනකු හා විරෝධතාකරුවන් දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් එල්ල විත්තිකරුවන්ට එල්ල වූ චෝදනා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඊජිප්පතුවේ හිටපු ජනපතිවරයාට නියම වූ දඩුවම  සම්බන්ධයෙන් අභියාචානයක් ඉදිරිපත් කරන බව ඔහුගේ ප්‍රකාශ කර ඇත.

මොහොමඩ් මොර්සි ඊජිප්තුවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2011 වසරේ හටගත් ජනතා විරෝධතා හමුවේ දීර්ඝ කාලයක් ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. මොර්සි බලයට ගෙන ඒමට සහාය දුන්නෝ ‘මුස්ලිම් සහෝදරත්වය‘ පක්ෂ සාමාජිකයෝය. එමෙන්ම මොහොමඩ් මොර්සි ඊජිප්තුවේ නිදහස් මැතිවරණයකින් තේරී පත්වූ පළමු ජනපතිවරයා ද වෙයි.

මොහොමඩ් මොර්සි බලයේ සිටියේ මාස කිහිපයක් පම‚. ඔහුට එරෙහිව ද ජනතා කැරැල්ලක් ඇති විය. එය අවසන් වූයේ හමුදා කුමන්ත්‍රණයනින් පසු මොර්සි අත්අඩංගුවට ගැනිමෙනි. ‘මුස්ලිම් සහෝදරත්වය‘ පක්ෂය ඊජිප්තුවේ තහනම් කෙරු‚. එහි සාමාජිකයන්ට සහ නායකයන්ට මරණ දඩුවම  හෝ සිර දඩුවමක් හිමිවිය.

ඉන් අනතුරුව එරට ජනපති ධුරයට පත්වූයේ එරට හමුදා ප්‍රධානී ජනරාල් අබ්දෙල් ෆාටා අල් සිසීය.

හිටපු ජනපති මොහොමඩ් මොර්සිට මරණ දඩුවම  හිමිවනු ඇතැයි එරට මාධ්‍ය මීට පෙර වාර්තා කළේය.

කයිරෝහිදීය (රොයිටර්)

 



අදහස් (0)

හිටපු ඊජිප්තු ජනපති පෝරකෙන් බේරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site