IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


හිටපු අගමැති ඉම්රාන් මහ මැතිවරණයක් ඉල්ලයි

පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමත් සමඟ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ධුරයෙන් පෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්තාන මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තය යනු එරට වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. ප්‍රාන්ත සභාවේ ආසන 20 වෙනුවෙන් අතුරු මැතිවරණය පැවැත්වූයේ පසුගිය ඉරිදා (17) ය.

මැතිවරණ ප්‍රතිඵල ඊයේ (18) නිකුත් වෙද්දී ඉම්රාන් ඛාන් නායකත්වය දෙන ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය ප්‍රාන්ත සභාවේ ආසන 20 න් 15 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 4 ක් පමණි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයෙන් නෙරපා දැමීම සිදුවූයේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ, විපක්ෂ සන්ධානය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

(රොයිටර්)



අදහස් (0)

හිටපු අගමැති ඉම්රාන් මහ මැතිවරණයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site