හොංකොං රාජ්‍යය කෘතිම දිවයිනක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පවතින නිවාස අර්බුදයට අමතර භූමියක් අවශ්‍ය වී ඇති අතර එයට විසඳුමක් වශයෙන් ලෝකයේ විශාලතම කෘතිම දූපත් අතරින් එකක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත.
ඒ අනුව හෙක්ටයාර් 1000ක් ගොඩකර මෙම දිවයින ඉදිකරන අතර ඒ සඳහා හොංකොං ඩොලර් බිලියන 624ක් වැය කිරීමට යෝජිත වී ඇත.
2025 වර්ෂයේදී මෙම කෘතිම දිවයින ඉදිකිරීමට අවශ්‍ය භූමිය ගොඩකර අවසන් කරන බවත්, 2032 දී පමණ දිවයිනේ මිනිසුන් පදිංචි කිරීමට අදහස් කරන බවත් බලධාරීහු පැවසූහ.
මෙම දිවයින විශාල යටිතල පහසුකම් ඇතිව ඉදිකිරීමට යෝජිත අතර ඒ සඳහා වැය වන මුදල 1998 දී ඉදිකළ හොංකොං ගුවන් තොටුපල ඉදිකිරීමට වැය කළ මුදල් මෙන් සිව් ගුණයක් වේ.
හොංකොං බලධාරීහු මෙම කෘතිම දිවයින නිර්මාණය ඉදිකිරීමට සැලසුම් කර ඇති නමුත් ඒ සඳහා වැයවන මුදල මෙතෙක් අනාවරණය කර නොමැත.
මෙම දැවැන්ත ව්‍යාපෘතිය වියදම් අධික බවත්, සාගර ජීවීන් ඇතුළු පරිසරයට හානි කර ව්‍යාපෘතියක් බවටත් විවේචන එල්ල වී ඇත.
එබැවින් මෙම ඉදිකිරීමට එරෙහිව විරෝධතා දැක්වීමට දහස් ගණනක් හොංකොංවැසියන් වීදිවලට එක් වී ඇත.
ද ගාර්ඩියන් ඇසුරෙනි
63226


2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1764
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොංකොං කෘතිම දිවයිනක් නිර්මාණය කිරීමට සැරසෙයි
ravi Wednesday, 20 March 2019 09:54 AM
බලන්න මනුස්සයෝ... ලෝකයේ වෙනස්වීම් තේරුම් අරගෙන සිය ජීවන රටාවන් වෙනස්කරගන්න හැටි... ආදර්ශමත් !