
යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට පවසා ඇත.
පසුගිය දා උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර පැවැති ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වුණු පුටින් සහ මෝදි සමුළුව අතරතුරේ හමුවී සාකච්ඡා පැවැත්වූහ. එහිදී යුක්රේන රුසියන් යුද්ධය ප්‍රධාන මාතෘකාව බවට පත් විය.
රුසියන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය. එම ආක්‍රමණයෙන් පසු පුටින් සහ මෝදි අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ඇමෙරිකන් මාධ්‍ය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් පුවත් පළ කර ඇත. ඒ, මෝදි, පුටින් හමුවුණු අවස්ථාවේදී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විරෝධය පළ කළ බැවිනි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
491
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2233
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා - පුටින්