IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සූ කීට බරපතල චෝදනාවක්

බලයෙන් නෙරපා දැමුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව එරට හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කරනු ලැබ තිබේ.

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට එරෙහිව මේ දක්වා එල්ල වී ඇති බරපතලතම චෝදනාව මෙය වන අතර ඊට වරදකරු වුවහොත් ඇයට වසර 15ක උපරිම සිරදඬුවමට ලක්වීමට සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සුකී විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක මුදලක් හා රත්‍රං අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි මියන්මාර හමුදා මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මියන්මාර හමුදාව අවුන් සාන් සූ කී ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා, කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේ පසුගිය පෙබරවාරි 1 වැනිදාය.

සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ සෙසු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසකට ද හමුදා පාලනය විසින් අල්ලස් හා දූෂණ චෝදනා එල්ල කරනු ලැබ ඇත.

මියන්මාර හමුදාව රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු අවුන් සාන් සූ කී ඇතුළු ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ජ්‍යෙෂ්ඨයන් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට යොමු කර තිබේ.

යැංගොන් නුවරදීය (රොයිටර්)



අදහස් (0)

සූ කීට බරපතල චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site