හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කීට බරපතල වැඩ සහිතව තවත් වසර තුනක සිර දඬුවමක් නියම විය.
මෙම සිර දඬුවම නියම වූයේ මැතිවරණ වංචා සම්බන්ධයෙන් එල්ල වුණු චෝදනාවලට ඇය වරදකාරිය කරමිනි. ඒ අනුව සූ කී ට බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවමක් හිමිවන බව පැවැසෙයි.
මෙම වසර තුනක සිර දඬුවමට අමතරව, 77 හැවිරිදි ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කී ට, මීට පෙර පැවති නඩු වලදී වසර 17 ක සිරදඬුවමක් නියම වී තිබූ අතර, ඒ අනුව ඇගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 20 කි.
2020 වසරේ නොවැම්බරයේ මියන්මාර මහ මැතිවරණය පැවැත්විණි. එයින් ද සු කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය විශිෂ්ඨ ජයක් හිමිකර ගත් නමුත් මියන්මාර හමුදාවට පක්ෂ, විපක්ෂ දේශපාලනය කණ්ඩායම් ඊට විරෝධය දැක්වීය. ඉන්පසු හමුදාව යළි බලය අල්ලා ගත් අතර, එම මහ මැතිවරණයේදී සූ කී වංචා සිදු කළා යැයි පවසමින් නඩු ගොනු කෙරුණි.
සූ කී සහ ඇයගේ පක්ෂය එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මැතිවරණ ජයග්‍රහණය සාධාරණව ලබා ගත් එකක් බව අවධාරණය කරන්න විය.
මියන්මාරයේ හමුදා ජුන්ටාව, සූකී ට නිල රහස් පනත උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා, දූෂණ චෝදනා සහ මැතිවරණ වංචා පිළිබඳ චෝදනා මාලාවක් එල්ල කර ඇති අතර, එම චෝදනා සියල්ලටම ඇය වැරදිකාරිය වුවහොත් ඇයට හිමිවන සිරදඬුවම් කාලය වසර 190 ක් පමණ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
වැලි කුණාටු සහ මහ වැසිවලින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට බලපෑම් එල්ල විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, ගුවන් ගමන් 120 ක් පමණ අත්හිටුව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ඉරානයත් ඇමෙරිකාවත් අතරේ න්‍යෂ්ටික සාකච්ඡා සිවුවැනි වටය රෝමයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය මේ වනවිට අවලංගු කර
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, මැයි දින රැළියට පොලිසිය හරස් විය. දස දහස් ගණනක් තුර්කි වැසියන් මැයි දින රැලියට එක් වී සිටි අතර, ඔවුන් මර්දනයට පොලිස් නිලධාරී
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සූ කීට තවත් වසර 3 ක සිරදඩුවමක්