IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුළි සුළඟින් මරුවා එයි

අඟහරුවාදා එංගලන්තය පුරා පැයට සැතපුම් 108 ක වේගයෙන් හඹාගිය මාරක සුළි සුළඟක් නිසා තිදෙනෙක් මරුමුවට පත්වී දේපළ විනාශයක් සිදුවී ඇත.

ලන්ඩන් නුවර ධන කුවෙරයින් පදිංචිව ඉන්නා ප්‍රදේශයක් ලෙසට ප්‍රකට කෙන්සින්ටන්හි සුවිසල් ගහක් කඩාවැටී කාන්තාවක් මරුමුවට පත් විය. එසෙක්ස් ප්‍රන්තයේ කැන්වී නගරයේ නවතා තිබු වාහනයක් මන්දමාරුතයට අසුවී ගහාගෙන ගිය අතර එයට යට වුණ පුද්ගලයෙකු මරුමුවට පත්විය.

ලිවර්පුල් නගරයේ වාහනයක් පාලමක ගැටී පෙරලීයාමෙන් එහි ගමන්කළ 63 හැවිරිදි තැනැත්තෙකු මරුමුවට පත්විය.

මේ අතර දිවයින පුරා අධික වර්ෂාපතනයක් පැවති අතර දුම්රිය, ගුවන් ගමන් ඇතුළු ගමනා ගමන පද්ධතියේ විශාල ගැටළු රාශියක් ඇති විය.

එංගලන්තයේ ප්‍රධාන මෙන්ම ලෝකයේ කාර්යබහුල ගුවන් තොටුපලක් වන හීත්රෝ හි ගුවන් ගමන් බොහෝ සංඛ්‍යාවක්ද අවලංගුකර ඇත.

මෙම කාලගුණ තත්වය බදාදා වනවිට සුභදායක තත්වයකට පත්වනු ඇති වාර්තාවෙයි. 

1 2 4



අදහස් (0)

සුළි සුළඟින් මරුවා එයි

චාමර Friday, 24 October 2014 12:02 PM

මන්ද මාරුතයට අහුවෙලා වාහනයක් ගහගෙන ගියා ඇහුවමයි (නදී)

:       0       0

දමිත් Thursday, 23 October 2014 05:25 AM

මේ දවස් වල ඔය වගේ තමයි.පරිස්සමින් අවධානයෙන් ඉන්න.(හේ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 23 October 2014 05:26 AM

"මේ අතර දිවයින පුරා අධික වර්ෂාපතනයක් පැවති අතර දුම්රිය, ගුවන් ගමන් ඇතුළු ගමනා ගමන පද්ධතියේ විශාල ගැටළු රාශියක් ඇති විය" එංගලන්තය දිවයිනක්ද?

:       0       0

ධමිත් හේමන්ත Thursday, 23 October 2014 05:26 AM

වේලාව අපුවාම යන්න වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site