IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුළි කුණාටුවෙන් අගනුවරක් විනාශයි

පැසිපික් දුපත් හි වනවාටු රාජ්‍යය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් එහි අගනුවර වු පෝට් විලා හි නිවාස වලින් සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රතු කුරුස ප්‍රකාශකයෙක් පැවසුවේ සමහර ප්‍රදේශයන්හි නිවාස සියල්ලම මෙම සුළි කුණාටුව හේතුවෙන් ගසාගෙන ගොස් ඇති බවයි.

මෙම ව්‍යාසනය හේතුවෙන් පුද්ගලයන්  8 දෙනෙක්ද මියගොස් තිබේ. මෙම ගණන තවත් වැඩි විය හැකි බව සහන සේවකයෝ පවසති. දස දහස් ගණනකට උන් හිටි තැන් අහිමි ගොසිනි.

හමාගිය සුළි සුළගේ වේගය පැයට කිලෝ මිටර් 270 කි.  

වනවාටු රාජ්‍යයේ ජනගහනය 267,000 කි. එහි ප්‍රධාන දූපත් 67කි. අගනුවර ඇති පෝට් විලා හි ජනගහණය 47,000 ක් පමණ වෙති.

පෝට් විලා හි ගුවන් තොටුපොළ කුණාටුව හේතුවෙන් වසා දමා තිබේ. වනවාටු රාජ්‍යයට පිරිසිදු වතුර, සනීපාරක්ෂක කටයුතු සහ කූඩාරම් වැනි ආධාර අවශ්‍ය වි තිබේ. මේවා රැගත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත්  පළමු ගුවන් යානය ගොඩබැස්සවීමට හැකිවන පරිදි වසා දමා ඇති පෝට් විලා ගුවන් තොටුපොළෙන් කොටසක් විවෘත කිරීමට නියමිතය. එක්සත් ජාතින්ගේ ආපාදා තක්සේරු කණ්ඩායමක් ද වනවාටු වෙත ලඟාවිමට නියමිතය.

වනවාටු ජනාධිපති බැල්ඩ්වින් ලොන්ස්ඩේල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් තම රටට ආධාර ඉල්ලා ආයාචනා කර ඇතැයිද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ආධාර දීමට යුරෝපා සංගමය, ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය යන රටවල් දැනටමත් ඉදිරිපත් වි සිටිති.

 

 



අදහස් (0)

සුළි කුණාටුවෙන් අගනුවරක් විනාශයි

දුමින්ද Monday, 16 March 2015 05:40 AM

ලෝකය දැන් වෙනස් වෙලා.සොබාදහම දැන් දරුණු වෙලා.(හේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site