IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිංහයා මීමාගෙන් හොඳට කයි

ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටනක නියැලෙනු සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.

දිය වළක් අසළ රැකගෙන සිටි සිංහයකු හා දිය බීමට පැමිණි කුළු මීමෙකු අතර ඇතිවූ මේ සටන පුරා පැයක් පමණ පැවත තිබේ.

සත්ත්වයන් දෙදෙනා විනාඩි 10 ක් පමණ සටන් කර විනාඩි 5 ක් පමණ විවේකයෙන් සිට නැවත විනාඩි 10 ක් පමණ සටන් කිරීම සිදුකළ බව මැට් කියයි.

සටන අවසානවී තිබෙන්නේ ඒ වන විට දිය වළ අසලට පැමිණ සිටි කුළු හරකාගේ රංචුවේ සාමාජිකයෙකු පැමිණ සිංහයාට පහරක් එල්ල කර තම සගයා බේරා ගත් පසුවය.

දෙදෙනාම ඒ වන විට හොඳ හැටි තුවාළ ලබා ලේ පෙරමින් උන්හ.

දින දෙකකට පසුව සිංහයා මියගොස් සිටිනුත් කුළු මීමා තුවාළ නිසා වූ ආසාදනයකට ලක්ව මරණයට පත්ව සිටිනුත් දැකගත හැකිව ඇත.

සිංහයින් සාමාන්‍යයෙන් තනි කුළු මීමෙකුට වුවද පහර දෙන්නේ රංචුවක් වශයෙනි.වනයේ රජා වුවත් කුළු මීමාට නම් සිංහයාද බියය.

නමුත් මෙම සිංහයා තනිව කුළු මීමෙකු යටත් කර ගැනීමට උත්සාහ කරන්නට ඇත්තේ කුසගින්න නිසා වන්නට හැකියැයි මැට් පවසයි.

25807E1400000578-0-image-a-21_1423485923424 2580759B00000578-0-image-a-15_1423485149282



අදහස් (0)

සිංහයා මීමාගෙන් හොඳට කයි

බුද්ධි Wednesday, 11 February 2015 03:15 PM

මෙලොව සිටින සියලුම දෙනාට මරණය උරුමය වේ. එය ලෝක ස්වභාවයයි. (ර)

:       0       0

දුමින්ද Thursday, 12 February 2015 06:29 AM

සංසාරේ කෙතරම්ම් බිය කරුද (නදී)

:       0       0

කුමාර් Wednesday, 11 February 2015 06:35 PM

ජීවකගේ කටේ මසුරන් දාන්න ඕනා. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 11 February 2015 05:39 AM

කොයි සතාද මරණයට බිය නැත්තේ.(හේ)

:       0       0

සමන්ත Thursday, 12 February 2015 02:34 PM

සිංහයෝ මැරෙන්න බය නැහැ කියලා පේනවා නේද? (නි)

:       0       0

සම්පත් Thursday, 12 February 2015 07:36 AM

මහේෂ්, ඔයා සිංහයෙක්ද, එහෙමද හිතන් ඉන්නේ ? (නදී)

:       0       0

රන්ජිත් Thursday, 12 February 2015 07:41 AM

පහුගිය දවස්වල ලංකාවේ සිංහයෙකුත් මුව පොව්වෙකුට පැරදුනේ (නදී)

:       0       0

ජයරත්න Wednesday, 11 February 2015 07:42 AM

ඔය වගේ සිද්ධි සමාන්‍ය දෙයක්.(හේ)

:       0       0

සුසන්ත Thursday, 12 February 2015 05:29 PM

දුක හිතෙනවා සිංහයාගේ අසරණබව දැක්කහම. (නි)

:       0       0

කුමාර Friday, 13 February 2015 09:50 AM

මෙතන කතාවක් නිර්මාණය වුණේ සිංහයා මැරුණු නිසා නේද? කැලෑ නිතිය තවමත් ක්‍රියාත්මකයි. ශක්තිවන්තයා ජයගනී (නි)

:       0       0

විශ්වා Sunday, 15 February 2015 02:48 PM

ලොකුකම හන්ද වෙච්ච කරදරයක් (නදී)

:       0       0

විදුරන්ග Thursday, 12 February 2015 02:59 AM

ඉතාම විශිෂ්ට ඡායාරූප! (නි)

:       0       0

ඉසුරු Thursday, 12 February 2015 03:03 AM

මේක තමයි සොබාදහම කියන්නේ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 12 February 2015 09:51 AM

ඉල පනිනවා මේ දාල තියෙන ප්‍රතිචාර දිහා බැලුවම. (අ)

:       0       0

ඩගී Wednesday, 11 February 2015 09:23 AM

නීයමයි, මැරුණත් කුලුමීම නියම වීරයෙක් වගේ මැරිලා තියෙන්නේ (බ)

:       0       0

ජීවක Wednesday, 11 February 2015 09:36 AM

මී හරක්ට කව්රුත් බයයි ...දැන් ඔය දියවන්නාවේ ඉන්න රොත්තට රටේ නීතියම බයවෙලා ඉන්නේ. (බ)

:       0       0

කසුන් එංගලන්තය Friday, 13 February 2015 02:05 PM

අපේ ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනයෙන් තොර දෙයක් නෑ මෙතන දාල තියෙන අදහස් දැක්කම (අ)

:       0       0

මහේෂ්‍ Thursday, 12 February 2015 04:44 AM

අපේ ගමෙත් ඉන්නවා මේ වගේ ලොකු හරක්. ලනුවක්වත් නැතුව ඇරලා ඉන්නේ. ඇන්නොත් එහෙම ඉවරම තමයි (නි)

:       0       0

සම්පත් Wednesday, 11 February 2015 10:45 AM

ජයවේවා, ජයවේවා,(දිල්)

:       0       0

කපිල Saturday, 14 February 2015 07:40 AM

කුමාර ඔයා හරි. සිංහයා ජීවත් වෙලා කුලුමීමා මරුන නම් මේ ෆොටෝ ටික වත් අපිට දකින්න වෙන්නේ නෑ. එක සාමාන්‍ය දෙයක් වෙනවා. මේ ලෝකේ අපි නොහිතෙන දේවල් සහ නොහිතන විදිහට දේවල් වෙනස් වෙනවා කියල අපි තේරුම් ගත්තොත් නේද හොඳ. (අ)

:       0       0

ඉන්දික Wednesday, 11 February 2015 12:13 PM

අපිටත් මෙහෙම වෙයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ගයාන් Monday, 16 February 2015 01:57 AM

මොන දේ වුණත් සිංහයත් පවු! (නි)

:       0       0

රජින්ද Wednesday, 11 February 2015 01:37 PM

පව් මේ සත්තු දෙන්නම පව්. එක්කෙනෙක් කුසගින්න නිසා මිය ගිහින් අනිකා ජීවිතය මරණයෙන් රැක ගන්න ගිහින් මිය ගිහින්. කුසගිනි උවත් සිංහයෝ තණකොළ කත්ද? (අ)

:       0       0

සම්පත් Friday, 13 February 2015 05:14 PM

තමන්ගේ තරම දැනගන්න ඕනේ. හදිස්සිය තිබුනට ඉස්සහට දාන්න හොඳ නැහැ (නදී)

:       0       0

අනුර Monday, 16 February 2015 03:06 AM

එස් එෆ් සහ යු එන් පි වගේ (ස)

:       0       0

කුමාර Wednesday, 11 February 2015 02:18 PM

සීතාවක රාජසිංහ රජතුමා කුලු හරකෙක් අං දෙකෙන් අල්ලලා විසි කලා කියලා මම අහලා තියෙනවා (නදී)

:       0       0

නද්රුදීන් නිසාම්ඩීන් Thursday, 12 February 2015 06:27 AM

සිංහයින් වනයේ රජා උවත් කුළු මීමාට නම් සිංහයාද බියය. (නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site