IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ස්වයං නිරෝධායන කාල සීමාවේ වෙනසක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් අනතුරුව ස්වයං-නිරෝධායනය විය යුතු කාලය අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබෙන අතර දැනට තිබෙන සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු ය.
වයිරසය නිරාවරණය අය සහ වයිරස ආසාදිත රෝගීන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීම තුළින් අදාළ කාලසීමාව අඩු කරගැනීමට හැකියාව ඇතැයි එම නිලධාරියා කීය.

‘‘දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් තිබෙනවා. පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීම තුළින් නිරෝධායනය විය යුතු කාලය දින 14 සිට තවත් අඩු කිරීමට හැකියාව තියෙනවා’’ යැයි ද එම නිලධාරියා පැවැසීය.
කෙසේ නමුත් එම කාලය කොතරම් වනු ඇත්දැයි ඔහු සඳහන් නොකළේය.

නව නිරෝධායන කාලසීමාව දින හතත් දහයත් අතර වනු ඇතැයි ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත අඟහරුවාදා වාර්තා කර තිබිණි. ඒ දින තුළදී ඔහුට තවදුරටත් වයිරසය තහවුරු නැතැයි තහවුරු කිරීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙක් කීය.

කෙටි නිරෝධායන කාලසීමාවට ජනතාවට අනුකූල වීමට සිදුවනු ඇතැයි ද කෙසේ නමුත් මේ හේතුවෙන් ඇතැම් ආසාදිතයන් මගහැරෙනු ඇතැයි ද සෞඛ්‍ය නිලධාරියකු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය ගෙන නැති විශේෂඥයන් දැනට තිබෙන දත්ත විශ්ලේෂණය කරමින් සිටින බවත් ජනතාවට අවදානමේ හෙළීමට කිසිවකුටත් අවශ්‍ය නැති බවත් එම නිලධාරීය කීවේය.

‘කොවිඩ්-19’ පරීක්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඇමෙරිකානු ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ.

ඇමෙරිකානු සෞඛ්‍ය අංශ මේ වනවිට වයිරස ආසාදිතයන් හඳුනාගන්න ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 40ක් බෙදාහැර ඇතැයි ද පැවසේ. ඇමෙරිකානු රජය ‘ඇබට් ලැබෝරටරීස්’ සමාගමෙන් ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 150ක් මිලදී ගැනීමට එකඟතාව පළ කර තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන මේ වනවිට 172,000ක් ලෙස දැක්වෙන අතර මේ මස මුල සිට ඇමෙරිකාවෙන් 100,000 ඉක්මවා ආසාදිතයෝ වාර්තා වෙති.

ඇමෙරිකාවෙන් අඟහරුවාදා වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 259,000ක් ලෙස දැක්වුණු අතර එරටින් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 12.5ක් වේ.

රොයිටර්
( 055)



අදහස් (0)

ස්වයං නිරෝධායන කාල සීමාවේ වෙනසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site