IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ස්වීඩනය-ෆින්ලන්තය නේටෝවට එක්වුණාට කමක් නෑ

ස්වීඩනය සහ ෆින්ලන්තය ‘නේටෝ’ සාමජිකයන් වීම රුසියාවට ප්‍රශ්නයක් නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැති ‘නේටෝ’ මහ සමුළුවේදී, ස්වීඩනයට සහ ෆින්ලන්තයට සාමාජිකත්වය ලබා දීමට ‘නේටෝ’ සංවිධානය කැමැත්ත පළ කිරීමත් සමඟය.

“යුක්රේනය වගේ නොවෙයි, ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. එයටයි අප විරුද්ධ. නේටෝ ව සමඟ එක් වෙනවා ද නැද්ද යන්න ස්වීඩනය සහ ෆින්ලන්තය ගන්නා තීරණයක්. ඒකට විරෝධය දක්වන්න අපට අයිතියක් ඇත්තේ නැහැ. ඔවුන්ට කැමැති තීරණයක් ගන්න පුළුවන්. කැමැති දෙයක් කරන්න පුළුවන්” යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර තිබේ.

“කෙසේ නමුත් ස්වීඩනය හෝ ෆින්ලන්තය හෝ රුසියාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරන්නේ නම්, අවස්ථාවට අනුව, ක්‍රමාණුකූලව ස්වීඩනයට සහ ෆින්ලන්තයට විරෝධය දැක්වීමට රුසියාව සූදානමින් සිටිනවා” යැයි ද රුසියන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

රුසියන් ජනාධිපති පුටින් මෙසේ කියා සිටියේ ටර්ක්මෙනිස්තානයේ අගනුවර අෂ්ගාබාද්හිදී පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය. රුසියන් ජනාධිපති පුටින්, ටජිකිස්තානයේත් ටර්ක්මෙනිස්තානයේත් සංචාරයක නියැළී සිටී.

පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු ජනාධිපති පුටින් විදේශ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය රුසියන් හිතවාදී මධ්‍යම ආසියානු රාජ්‍යයන්ය.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ස්වීඩනය-ෆින්ලන්තය නේටෝවට එක්වුණාට කමක් නෑ

beejing Thursday, 30 June 2022 04:13 PM

රුසියාව දන්නවනේ එයාලා මොනවද කරන්නේ කියලා... ඒ නිසා ඕවා රුසියාවට ගැටලු වෙන්නේ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site