IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය කුණු ලොරියේ වැඩ

ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභාවේ කුණු ලොරියක කුණු එකතු කරන සේවිකාවක ලෙස රැකියාව කරන බව එරට 'එක්ප්‍රෙසෙන්' පුවත්පත උපුටා දක්වමින්, 'පොලිටිකෝ යුරෝප්' වෙබ් අඩවිය පවසයි.

ගුටෙන්බර්ග් යනු ලක්ෂ 5 කට වැඩි පිරිසක් ජීවත් වන ස්වීඩනයේ දෙවැනි විශාලතම නගරය වන අතර, 56 හැවිරිදි ඇන් සොෆී හර්මන්සන් නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ 2016 සිට 2018 තෙක් කාලයේය.

හර්මන්සන් ජීවත් වන්නේ කුලී නිවාසයක බව පැවැසෙයි. නගරාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඇය ඇගේ නිවසේ කුලිය ඇතුළු දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට රැකියාවකට යොමු වීමට තීරණය කළාය. නගරාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, හර්මන්සන් බරවාහන රියදුරු බලපත්‍රයක් ලබා ගත්තාය. ඉන්පසු ඇය නගරසභාවේ කුණු ලොරියට සම්බන්ධ පිරිසුදු කරන්නියක ලෙස සේවයට එක් වූයේ ඒ සඳහා නියමිත ක්‍රියාපටිපාටියට අනුව ඇයැදුම්පතක් යොමු කිරීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

තමන් නගරාධිපතිනිය ලෙස සේවය ලාබා දුන් නගර වැසියන් වෙනුවෙන් තව දුරටත් මෙසේ තම සේවය ලබා දීමට හැකියාව ලැබීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් වන බව ද ඇන් සොෆී හර්මන්සන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.

56 හැවිරිදි තමන්ට විශ්‍රාම යන වයස් සීමාව එනම් අවුරුදු 65 තෙක් ජනතාවටත් නගරයටත් සේවයක් ලබා දීමට හැකිවීම ආඩම්බරයක් සහ ගෞරවයක් යැයි ද හර්මන්සන් පවසා ඇත.

ගොතෙන්බර්ග්හිදීය (පොලිටිකෝ)



අදහස් (4)

ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය කුණු ලොරියේ වැඩ

Punchihewa Thursday, 03 June 2021 04:35 AM

හොද පෞරුෂයක්

:       1       26

Asoka gunasekara Saturday, 05 June 2021 03:01 AM

අපේ අය කුණු ලොරියටවත් සුදුසුද?

:       0       6

Ajith D.L Saturday, 05 June 2021 05:29 AM

මොරටුවේද?

:       0       6

Laksitha paris Saturday, 05 June 2021 11:45 AM

අපේ ලන්කාවේ අය වාගේමයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site