චීනයේ නිරිතදිග ජියන්ෂි ගම්මානයේ ගම්වැසියන් අලූත් අවුරුද්ද පිළිගත්තේ යුවාන් මුදල් නෝට්ටු මිටි වලින් තැනුණු මීටර් 2 ක් පමණ උස ‘‘මුදල් තාප්පයක්‘‘ මත නැඟීමෙනි.
මෙම තාප්පයේ වටිනාකම යුවාන් ලක්ෂ 130 ක්(රුපියල් කෝටි 28.05) පමණ බව සදහන්ය.
ජියන්ෂි ගම්මානයේ වැසියන් සියලූදෙනාම පාහේ ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක මුදල් ආයෝජනය කර ඇත.ඔවුන්ට කෘතගුණ දැක්වීමක් ලෙස එම සමාගම සෑම වසරක් ආරම්භයේදීම ගම්වැසියන්ට පාරිතෝශික දීමනාවක් ලබා දේ.මෙවර සමාගම අධික ලෙස ලාභ ලැබීම නිසා ගම්වැසියන්ගේ පාරිතෝෂිත දීමනාවද දෙගුණ තෙගුණ වී තිබේ.
මේ දුටු තවත් පුද්ගලයින් මේ සා පාරිතෝෂික දීමනාවක් ලැබීමට තමන්ටත් අවස්ථාව ලබා දිය හැකිදැයි ජියන්ෂිහි ගම්පතිගෙන් විමසා තිබෙන අතර ඔහු ඔවුන්ට පිළිතුරු දී ඇත්තේ ජියන්ෂි ගම්මානයෙන් ආවාහ විවාහ කරගන්නේ නම් පමණක් පාරිතෝෂික ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කළ හැකි යැයි බවයි
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි තාප්පෙට නැඟ අවුරුදු සමරති