IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සල්ලිකාරයන්ගේ නිවාස පවරා ගනී

වෙනිසියුලාවේ දැවෙන නිවාස ගැටලූවට විසදුමක් ලෙස එරට සිටින දේපළ හිමි පුද්ගලයින් සතු නිවාස රජයට පවරා ගැනීමේ නීතියක් ස්ථාපිත කිරීමට වෙනිසියුලා ජනපති නිකොලස් මදුරෝ සැරසෙයි.

නව නීතිය  අනුව කිසියම් පුද්ගලයෙකු වසර 20 කට වැඩි කාලයක් එකම නිවසේ ජීවත්ව ඇත්නම් එම නිවස අනිවාර්යයෙන්ම විකුණා දැමිය යුතුවේ.නිවස තමන් සතුවම තබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් රජය වෙත මුදලක් ගෙවිය යුතු වන අතර දින පහ ඇතුළත මුදල් ගෙවීමට අපොහොසත්වන්නේ නම් හෝ නිවස විකුණා දැමිීමට හෝ අපොහොසත් වන්නේ නම් රජය බලහත්කාරයෙන් නිවස අත්පත් කර ගනු ඇත.

නිවෙස් හිමියන්ට තම නිවෙස් විකිණිය හැකි සාධාරණ මිල ගණන්ද රජයම සපයා දී තිබේ.

ජනපතිවරයාගේ මෙම තීරණයට රට පුරා නිවෙස් හා දේපළ හිමියන්ගේ දැඩි විරෝධය පළව ඇති අතර ඔවුන් පවසන්නේ දැන් වෙනිසියුලාවේ නිවෙස් වෙළදාමටත් කළු වෙළඳපොළක් ඇති වනු ඇති බවයිි.වසර ගණනක් තිස්සේ නිවාසයක පදිංචිව සිටින්නේ බොහෝ විට මහලූ පුද්ගලයින් බවත් ඔවුන් පාරට ඇද දමා රජය නිවාස ගැටලූව සපුරා ගැනීමට යන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බවත් ඔවුහු කියති.

පසුගිය වසර 15 පුරාවටම වෙනිසියුලාවේ නිවාස ගැටලූව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති අතර මෑතකදී ඇතිවුනු ගංවතුරෙන් තවත් ලක්ෂ ගණනක් දෙනාට උන්හිටි තැන් අහිමි වීමෙන් තත්ත්වය තවත් බරපතලව තිබේ.

හිටපු ජනපති හියුගෝ චාවේස් නිවාස ගැටලූවට පිළියම් ලෙස මහල් නිවාස තනා දීම ආරම්භ කළද ඒවායින් බලාපොරොත්තුවූ තරම් ප්‍රතිඵලයක් අත්ව නොමැති බව සදහන්ය.



අදහස් (0)

සල්ලිකාරයන්ගේ නිවාස පවරා ගනී

සඳුන් Thursday, 03 April 2014 03:05 PM

එක් කෙනෙකුට එක ගෙයක් මදි ද? හොඳ නීතිය අපේ රටෙත් ක්‍රියාත්මක කරන්න. (ස)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Thursday, 03 April 2014 06:11 PM

ඔන්න අපේ රටෙත් කරනවා නම් හොඳ වැඩක්. (නි)

:       0       0

සේන Thursday, 03 April 2014 01:31 PM

ඔන්න අපේ යාළු රටවල්.... ජාඩියට මුඩිය වගේ තමා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site