IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සොලමන් දූපත්වල සුළි කුණාටුවකින් 27 ක් මරුට

සොලමන්ස් දූපත් හා වනාටු රාජ්‍යය හරහා හමා ගිය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් හේතුවෙන් 27දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

පැයට කිලෝමීටර් 135ක වේගයෙන් සුළං හමාගොස් ඇති අතර අනතුරු ඇඟවීම් නොසළකා යාත්‍රාවකින් ගමන් ගත් පිරිසක් මෙලෙස මියගොස් තිබේ.

සොලමන්ස් දූපත් ආසන්නයේදී ඔවුන් අනතුරට ලක්වී ඇත.

සොලමන්ස් දූපත් හරහා හමා ගිය කුණාටුව වනාටු දේශයට පිවිසීමෙන් පසු එයින්  සන්මා පළාතට  දැඩි බලපෑම් ඇතිවූ බව බලධාරීහු පවසති.

සන්මා පළාතෙන් තුවාලකරුවන් වාර්තා නොවන නමුත් ගොඩනැගිලි කඩා වැටීම් සහ විදුලි රැහැන් ඇද වැටීම් සිදුවී ඇත.

පැසිෆික් රාජ්‍යයක් වන වනාටු හි 300 000ක පමණ ජනතාවක් වාසය කරති.

එහි කොරෝනා ආසාදිතයින් වාර්තා නොවන නමුත් රෝගය පැතිරීමට ඉඩ ඇති හෙයින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ වනාටු හි මහ මැතිවරණය පැවැත්වුණු අතර එය අවසන් වූ වහාම හදිසි නීතිය පනවනු ලැබීය.

සමාජ දුරස්ථ රීතීන් අනුගමනය කිරීමට සිදුවූ හෙයින් මැතිවරණ නිරීක්ෂකයන් ඡන්ද ගනන් කිරීමට සහභාගී නොවූ අතර ඡන්ද ගනන් කිරීම සජීවීව විකාශනය කෙරිණි.


(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

සොලමන් දූපත්වල සුළි කුණාටුවකින් 27 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site