මුදල් ඇතැයි සිතා සොරාගනු ලැබූ ගමන් බෑගයකින් කුඩා පිරිමි දරුවකු සමුවීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉන්දියාවේ චත්‍රපටි ෂිවාජි දුම්රිය ස්ථානයෙන් පිටත්වූ දුම්රියකට නැගුණු පදික වෙළෙන්දෙකුට මෙම බෑගය දුම්රිය මැදිරියක තිබී හමුව ඇති පොලිසය පවසන ආකාරයට ඔහු එහි තිඛෙන්නේ යැයි සිතා ඇත්තේ මුදල්ය.
ඊළග නැවතුමෙන් බැසගෙන ඇති ඔහු බෑගය විවෘත කර බැලීමේදී එතුළින් කුඩා දරුවෙකුගේ අතක් පිටතට පැමිණෙනු දැක බියවී පලා යෑමට උත්සාහ කර ඇති අතර එවිට එතැනට පැමිණි දුම්රිය පරීක්ෂකයෙකුගේ ග්‍රණයට හසුව තිබේ.
දරුවාත්,‘සොරාත්‘ යන දෙදෙනාම පොලිසිට භාරදීමට දුම්රිය ස්ථානයේ සේවකයින් කටයුතු කර තිඛෙන අතර සොරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මගින් දරුවා හමුවූ ආකාරය හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
සති 2ක් පමණ වයස් වන දරුවා රෝහල් ගත කර සිටී.
බෑගය සොරකම් කළ නිසාවෙන්ම කුඩා දරුවාගේ දිවි ගැලවී තිඛෙන බව වෛද්‍යවරුන් කියයි.ඔවුන් පවසන්නේ තවත් වේලා දරුවා බෑගයේ සිරවී සිටියේ ඔහු මිය යන්නට ඉඩ තිබූ බවයි.
දරුවා දුම්රිය මැදිරියේ තැබූයේ කවුරුන්දැයි සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරා ගත් බෑගයෙත් අත දරුවෙක්
අමිල සිංග Thursday, 30 January 2014 10:28 AM
ඒ දරුවට ඉන්දියාවේ ජිවත් වෙන්න වාසනාව/අවාසනාව තිබුණු නිසයි මෙහෙම දෙයක් සිද්ද උනේ (දී)
උපාලි සුමිත් හේවාවසම් Saturday, 01 February 2014 08:56 AM
පිං දරුවා (දී)
පියල් Saturday, 01 February 2014 08:56 AM
පුංචි දරුවෙකු ජිවිතයට හානියක් නොවුන එක වාසනාවක් (දී)
චන්දි Wednesday, 29 January 2014 05:18 PM
ඒ දරුවට ජිවත් වෙන්න වාසනාව තිබුණු නිසයි මෙහෙම දෙයක් සිද්ද උනේ (අ)
ඉෂාර Friday, 31 January 2014 12:23 PM
දරුවගේ වාසනාව තමයි.(නදී)
චානක Friday, 31 January 2014 01:08 PM
පොඩි එකාගේ වෙලාව.(නදී)
සාරා Friday, 31 January 2014 02:33 PM
වාසනාවන්ත දරුවෙක්.(නදී)