විදේශවල සිර වී සිටින ඉන්දීය ජාතිකයන් 400,000 ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් යානා යැවීමට එරට බලධාරීහු තීරණය කර ඇත.
ඒ අනුව එම ගුවන් යානා හෙට (6) සිට ඉන්දීය ජාතිකයන් සිර වී සිටින රටවලට ගමන් ආරම්භ කිරීමට නියමිතය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ලොවපුරා රටවල් සංචාරක සීමා පැනවූ අතර මේ හේතුවෙන් ඉන්දියාව ඇතුළු රටවල් රැසක් ජාතිකයෝ ඔවුන් සිටි රටවල සිරවූහ.
ඉන්දීය ජාතිකයෝ විශාල පිරිසක් විවිධ විවිධ රටවල වාසය කරන අතර ඇතැම්හු අධ්‍යාපන හා රැකියා කටයුතුවල නිරත වෙති. පිටරටවල සිටින ඉන්දීය ජාතිකයන් නැවත රටට ගෙන්වා ගැනීමේදී ඔවුන් සමඟා කොරෝනා ආසාදිතයන් ද රට තුළට පැමිණීමේ අවදානමක් ද හටගෙන ඇත.
ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානා මෙලෙස නැවත රටට පැමිණීමට කැමැති ඉන්දියානුවන් රැගෙන ඒම සඳහා එම රටවලට යෑමට නියමිතය. මුල් අදිරය යටතේ මැදපෙරදිග, සිංගප්පූරුව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන ඒමට නියමිතය.
ඉන්දීය නාවික හමුදාවට මෙම කර්තව්‍යයට එක්ව සිටී. මීට පෙර ද නාවික යාත්‍රා යවමින් ඉන්දියානුවන් නැවත ගෙන්වා ගැනීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. නව අදියර යටතේ මාලදිවයිනේ සිටින ඉන්දියානුවන් ගෙන්වා ගැනීම සඳහා මාලදිවයිනට නැව් දෙකක් දියත් කිරීමට නියමිතව ඇත.
‘‘පීඩාවට පත්ව සිටින සේවකයන්, වැඩිහිටයන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති පුද්ගලයන්, ගර්භණී කාන්තාවන් සහ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ඉන්දීය ජාතිකයන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙනවා’’ යැයි ඩුබායි හී ඉන්දීය කොන්සියලර් ජෙනරාල් කාර්යාලය සඳහන් කළේය.
අල්ජසීරා
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරවී සිටින ලක්ෂ 4ක් ගෙන්වා ගන්න ඉන්දියාව ගුවන් යානා යවයි
de silva Wednesday, 06 May 2020 03:55 PM
අපි නම් ප්‍රමුකත්වය දුන්නේ ගර්භනීය මවුවරුන් , රෝගීනට නොව , වයස 20 -30 අතර උසස් අධ්‍යාපනය සදහා පිට රට ගොස් සිටි ලොකු ලොක්කන්ගේ , දේශපාලකයන්ගේ , සල්ලිකාරයන්ගේ තරුණ දරුවන්ට , ඊට පස්සේ එංගලන්තේ ඉන්න ලොකු මිනිසුන්න්ට , ඔය ඔක්කොමල ගෙන්වා ගෙන ඉවරවෙලා මද පෙරදිග ඉන්න මිනිස්සු ගෙන්ව ගන්නවා...
RuhunuWednesday, 06 May 2020 07:15 PM
ඔබ හරි සිල්වා මහත්තයා...
de silva Thursday, 07 May 2020 02:02 AM
අඩුම තරමේ නාවික හමුදාවේ තිබෙන නැවක් හෝ මලදිවයිනට යවලා එහි අතරමන් වෙලා ඉන්න ශ්‍රමිකයෝ හම්බන්තොට වරායට ගෙනත් එහෙ වහලා තිබෙන සමන්ත්‍රණ ශාලා , නැතිනම් අර මත්තල ගුවන් තොටුපලේ තිබෙන ගබඩා ඇතුළු අනිකුත් ගොඩනැගිලි හෝ නිරෝධන මධ්‍යස්ථාන ලෙස සකසා මේ අය තම රටට ගන්න වත් සැලසුමක් රජයට නැත .
sam Thursday, 07 May 2020 08:04 AM
ගුවන් යානා වාර හත, අටක් ගමනාන්ත කිහිපයකට ඇරපු අපි, ඒවාගේ දේවල් ලෝකයේ මින් පෙර කවදාවත් සිදු වෙලා නැති විදියට දැනවා. ඒ වුණාට 1990 ගල්ෆ් යුද්ධය වෙලාවේ, ඉන්දියානුවන් 170,000 ක් ගුවන් මගින් ආපසු ඉන්දියාවට ගෙන්වා ගත්තා.