සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉවත් කිරීමට සති කීපයක් ගත වනු ඇති බවත් බිය පළ කෙරේ.
ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ සූවස් ඇළ ය. සූවස් ඇළෙහි පැත්තට ඇදී ගොස් වැලි පරවල ගැටී සිරවූයේ පැනමාවේ ලියාපදිංචි ‘එවර් ගිවන්’ නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවය. මෙය පැනමාවේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගම යටතේ ලියාපදිංචි වූවකි.
'එවර් ග්‍රීන්' නැව් සමාගමට අයත්, 'එවර් ගිවන්' නැව, පසුගිය දා 23 වැනිදා සූවස් ඇළ හරහා ගමන් ආරම්භ කළේ නෙදර්ලන්තය බලා යෑමටය.
සූවස් ඇළට පිවිස, යාත්‍රා කරන්න වූ මෙම යෝධ නැව, වැලි කුණාටුවකට හසුවිය. නැව පාලනයෙන් ගිලිහී ඇළ ඉවුරේ හැපුණි.
'එවර් ගිවන්' නෞකාව දැන් ඇත්තේ, සූවස් ඇළ හරස් කරමිනි. ඇළ දිගේ ඉහළ පහළ යන සියලු නැව්වල ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ගොස් තිබේ.
'එවර් ගිවන්' නෞකාව නිසා සූවස් ඇළේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ඇත.
මේ වනවිටත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 63 කට වඩා වැඩිය. 'කොවිඩ් 19' වසංගතය මැද ලෝකය ආර්ථික මෙන්ම තෙල් අර්බුදයකට ද මුහුණ පෑමේ අවදානමක් නිර්මාණය වී ඇත.
(රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි
හර්ෂ තෙන්නකෝන් Friday, 26 March 2021 02:32 PM
එළඹෙන උත්සව සමයට හා පසුව එය ලංකාවට බලපායිද..?
NMSaturday, 27 March 2021 01:56 PM
මෙම සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත. ඊජිප්තුවේ සිරවී ඇති මෙම නැව මෙසේ සිරවී තිබෙනුයේ මැලේසියාවේ සිට ඩෙන්මාර්කය වෙත ප්‍රවාහනය කරන අතරතුර වේ. මෙම නැවේ පාලන කටයුතු කර තිබෙන්නනේ ජර්මනිය විසින් වේ. තාක්ෂණික කටයුතු තායිවාන් විසින් සිදුකර ඇත. මෙම නැව අයත්වන්නේ ජපානයට වුවත් ලියාපදිංචි කොට ඇත්තේ පැනමාවේය. සියලු කාර්ය මණ්ඩලය ඉන්දියානුවන්ය. කෙසේනමුත් මේ වනවිට සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ කරමින් සිරවී ඇති මෙම නැව බේරා ගැනීමට ඇමෙරිකාවේ සහාය ලබාගැනීමට නියමිතව ඇත. මෙම අනතුර හොඳින් අධ්‍යයනය කළහොත් පෙනී යනුයේ අප නොදැනුවත්ව හෝ නොදැනුවත්ව ගෝලීයකරණය වී ඇතිබව සහ එය පැහැදිලි කිරීමට වෙනත් තර්ක අවශ්‍ය නොමැති බවත්ය.