ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය, දින 216 ක් පැවැති බවත්, එම කාලය තුළ 'කොවිඩ් 19' වයිරසය, එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද 32 ක් නිර්මාණය කළ බවත් කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති.
දකුණු අප්‍රිකානුවකු වන මෙම 36 හැවිරිදි කාන්තාව, පසුගිය කාලය පුරාවට ජෝහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලැබුවාය. දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් ඇයගේ රෝගී තත්ත්වය ගැන අනාවරණය කළේ, ඇගේ අනන්‍යතාව හෙළි නොකරමිනි.
ඒඩ්ස් රෝගයට හේතුවන්නේ 'එව්.අයි.වී.' වයිරසයයි. 'එව්.අයි.වී.' හැඳින්වෙන්නේ, 'මානව ප්‍රතිශක්ති ඌණතා වයිරසය' යනුවෙනි. 'එව්.අයි.වී.' ආසාදනය වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම අඩපණ වෙයි. මෙම කාන්තාව, දරුණු ලෙස 'එව්.අයි.වී.' වයිරසයේ බලපෑමට ලක්වුණු තැනැත්තියක බවත්, ඇය 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූයේ ඒ නිසා බවත් වෛද්‍යවරු පැහැදිලි කරති. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල අයට 'කොවිඩ් 19' කොරෝනා වයිරසය මාරාන්තිකය.
දින 216 ක් තිස්සේ කොරෝනා ආසාදිතයකු වී සිටි කාන්තාවට ලබා දුන් ප්‍රතිකාර සහ ඇගේ සිරුර තුළ කොරෝනා වයිරසය විකෘති වෙමින්, විකෘති ප්‍රභේද නිර්මාණය කළ ආකාරය ආදී සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. ප්‍රතිකාර ලබා කොරෝනා පරාජය කළත්, කාන්තාව ඉතාමත් දුර්වල තත්ත්වයක පසුවන බව ද පැවැසෙයි.
කොරෝනා වයිරසය මෙම කාන්තාවගේ සිරුරේ නිපදවූ විකෘති වයිරස ප්‍රභේද අතර, මේ වනවිට ලොව පුරා වේගයෙන් පැතිරෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා බිය පළ කරන කොරෝනා ප්‍රභේද දෙකක් ද වෙයි. ඊට අමතරව වෛද්‍ය පර්යේෂකයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ප්‍රභේද කීපයක් ද හමුවී ඇතැයි අධ්‍යයන වාර්තාවල සඳහන් වෙයි.
ජොහැන්සස්බර්ග් (ඉන්සයිඩර්)
2025 නොවැම්බර් මස 04
700
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2368
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරුරේ දින 216 ක් කොරෝනා තිබිලා