IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිරියා හමුදා බළඇණියකට ප‍්‍රහාරයක්: 21 දෙනෙක් මරුට

සිරියා හමුදාව සහ කැරැලිකරුවන් අතර ඊයේ (16) හටගත් දරුණු ගැටුමකින් හමුදා සෙබළුන් 21 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර එම සෙබළුන් සමඟ සිටි එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ සය දෙනෙක් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට අසුවූහ. හමුදා බළඇණිය කැරැලිකරුවන්ගේ ප‍්‍රහාරයට අසුවූයේ ඉබ්ලිබ් පළාතේ කාන් ෂෙයිකුම් නගරයේදීය. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් කැරැලිකරුවන් අතට පත් වූයේ හමුදාව සහ කැරැලිකරුවන් අතර වෙඩි හුවමාරු සිදුවෙද්දීය. සාම නිරීක්ෂකයන් තම ග‍්‍රහණයට ගත්තේ ඔවුන්ට අනතුරක් වීමට ඉඩ තිබූ නිසා යැයි සිරියා කැරැලිකරුවෝ පවසති. මේ වනවිට එම නිරීක්ෂකයන්ට පූර්ණ ආරක්ෂාවක් ලබා දී ඇතැයි ද ඔවුහු වැඩි දුරටත් කියා සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වූයේද තම සාම නිරීක්ෂකයන් හය දෙනකු මිත‍්‍රශීලී පරිසරයක කැරැලිකරුවන්ගේ රැකවරණ ලබමින් සිටින බවය. මේ අතර සිරියාවේ ඩාරා පළාතේ පිහිටි පලස්තීන සරණාගත කඳවුරකට සිරියා හමුදා සෙබළුන් පහර දුන් අතර එම ප‍්‍රහාරයෙන් කුඩා දරුවකු ඇතුළු සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සිරියා හමුදා එම කඳවුරට පහරදී ඇත්තේ එහි කැරැුලිකරුවන් සැඟවී සිටින බව පවසමින්ය. සිරියා කැරලිකරුවෝ



අදහස් (0)

සිරියා හමුදා බළඇණියකට ප‍්‍රහාරයක්: 21 දෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site