IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිරියා හමුදා ප‍්‍රහාර හමුවේ කැරැලිකරුවෝ පසුබසිති

සිරියානු රජයේ හමුදා එරට කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් ඊයේ (6) දිගට හරහට පහර දෙන්නට පටන් ගත් අතර එම ප‍්‍රහාර හමුවේ පසුබැසීමට කැරැලිකරුවන්ට සිදුවිය.
 

සිරියානු රජයේ හමුදා සෙබළුන්

සිරියා රජයේ හමුදා එම ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ සිරියා ලෙබනන දේශසීමාවේ පිහිටි ක්වසාර් නගරය කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමෙන් ලැබූ පන්නරයෙන් පසුවය.

සිරියානු හමුදාව ඊයේ එල්ල කළ ප‍්‍රහාරවලින් කැරැලිකරුවෝ 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටියේ, ක්වසාර් නගරය අත්පත් කර ගැනීමෙන් පසු සිරියා රජයේ හමුදා කැරැුලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින සෙසු නගර ද යළි අත්පත් කර ගැනීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

එම මෙහෙයුමේදී සිරියානු හමුදාවට සහාය දෙන්නෝ අසල්වැසි ලෙබනනයෙන් පැමිණ සිටින හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීහුය.

ක්වසාර් නගරය මුදා ගැනීමේ මෙහෙයුමේදී හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය තමන්ට නොඅඩුව ලැබුණු බව ද සිරියානු රජය පවසා ඇත.

සිරියානු හමුදාව එල්ල කළ ප‍්‍රහාරවලින් ක්වසාර් නගරය මුළුමනින්ම පාහේ විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

මේ අතර සිරියාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර සාම සමුළුව ලබන ජූලි මාසය තෙක් කල් ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිරියාව වෙනුවෙන් පත් කරනු ලැබ සිටින විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමි ප‍්‍රකාශ කළේය.

එම සාම සමුළුවට සිරියානු කැරැලිකරුවන්ට හිතවත් ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයත් සිරියානු රජයට හිතවත් රුසියාවත් සහභාගී වීමට නියමිතව සිටි නමුත්, පවතින මත ගැටුම් හේතුවෙන් සමුළුව ජූලි මාසය තෙක් කල් ගිය බව බ‍්‍රහීමී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

සිරියා හමුදා ප‍්‍රහාර හමුවේ කැරැලිකරුවෝ පසුබසිති

ප්‍රනාන්දු Saturday, 08 June 2013 01:22 AM

සුද්දා කොහොමත් අනුන්ගේ දේවල් සුද්ද කිරීමට කැමැතියිනේ (නි)

:       0       0

තිසල් Friday, 07 June 2013 03:56 PM

එන්.ජී.ඕ නඩ වලට සහ ඩොලර් වලට රට ගිනිතියලා දැන් ඉතින් කාපන් පරිප්පු. කොටාගෙන කොටාගෙන ගිහින් කෙහෙල් ගහට කෙටුව නිසා හොට පැටලිලා. ඔතන ඉන්න කැරලි නායකයෝ ටික පැනගනීවී පිට රටට. අනෙක් එවුන් ඉතින් ජීවිතේටම හිරබත් තමා. මේවා අපේ රට කන්න බලාගෙන ඉන්න අයටත් හොද පාඩම්.(නදී)

:       0       0

ලක්ෂිත Saturday, 08 June 2013 01:24 AM

වරුණ, ඔයා හරි කියලා මමත් හිතනවා (නි)

:       0       0

උදය Saturday, 08 June 2013 02:46 AM

ඇමෙරිකාවට හමුදාව එහාට දාගන්න බැරුව ඉන්නේ. ඊශ්‍රායලය විතරය් බේතට හරි ඉන්නේ දැන්. (නි)

:       0       0

දම් Saturday, 08 June 2013 04:23 PM

ඔවුන්ට සැපෙන් ඉන්නට අපි හැමදාම දුකෙන් සිටිය යුතු නැත. සිරියාව හරි හෝ වැරදි හෝ හැදිය යුත්තේ ඡන්දයකින් මිස බටහිරට අවැසි යුද්ධයකින් නොවේ. (නි)

:       0       0

සඳරුවන් Friday, 07 June 2013 05:37 PM

සුද්දා කොහොමත් කපටියා. ඒක නෙමෙයි, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. සියල්ල මවපු දෙයියෝ කෝ? (නි)

:       0       0

වරුණ Friday, 07 June 2013 12:46 PM

සුද්ද බංගවේවා සිරියාවට ජය වේවා. රුසියානු මිසයිල ටිකත් අරගෙන වනලා දන්නා තියෙන්නේ කොනක ඉදල ඇමරිකාවට යනකම්ම සුද්දගේ දෙබිඩි ප්‍රතිපත්ති ත්‍රස්තවාදීන්ට ආයුද බෙද බෙදා රටවල් ගිනිතියලා හොද මිනිස්සු වෙන්න යනවා .(නදී)

:       0       0

මුරුගන් Saturday, 08 June 2013 12:06 PM

පරමාණුවක් ගහල දාන්න ඔය අන්තවාදියෝ අතුගෑවිලාම යන්න. (ස)

:       0       0

ලාල් Friday, 07 June 2013 11:04 AM

පසු බහින එකත් යුධ උපක්‍රමයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site