IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සූර්ය බලැති මෝටර් රථයක් හදලා

ජම්මු සහ කාශ්මීරයේ, ශ්‍රී නගර් හි ගණිත ගුරුවරයකු සූර්ය බලයෙන් ධාවනය කළ හැකි විදුලි මෝටර් රථයක් නිර්මාණය කර ඇත.

මෙය දැරිය මිලකට අලෙවි කළ හැකි යැයි ද පැවසේ. ජම්මු සහ කාශ්මීරයේ ටන්මාර්ග් හි ජීවත්වන බිලාල් අහ්මඩ් මෙලෙස මෝටර් රථය නිර්මාණය කර තිබේ.

බිලාල් අහ්මඩ් ගණිත ගුරුවරයකු පමණක් නොව නවෝත්පාදකයෙකි.

හෙතෙම අවුරුදු 13කට ආසන්න කාලයක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙහෙස වී තිබේ.

“ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් තමයි මෝටර් රථය නිර්මාණය කරන්න අවශ්‍ය වුණේ. ඒත් මූල්‍ය බාධා නිසා මට එය කරගන්න බැරි වුණා. ඒ අතරේ තමයි මට හිතුණේ සූර්ය බලය ගැන. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් හදන්න. මොකද ඒක වියදමක් නැති මූලාශ්‍රයක්. මම මෑතකදී පත්තවරලත් දැක්කා. තවත් අවුරුදු 10කින් පෙට්‍රල් මිල ගණන් මීටත් වඩා වැඩි වෙනවා කියලා” යැයි බිල්ලා අහ්මඩ් පැවැසීය.

එක්දහස් නවසිය පනහේ (1950) දශකයේ නිර්මාණය කෙරුණු විවිධාකාරයේ සුඛෝපභෝගී මෝටර් රථ ගැන තමන් අධ්‍යයනයක් කළ බව ද ඔහු කීය.

මේ වනවිට සූර්ය බලශක්තියෙන් ධාවනය කෙරෙන මෝටර් රථයක් දැරිය හැක්කේ ධනවත් හෝ ප්‍රභූ හෝ පුද්ගලයන්ට පමණි. එම බාධාව ඉවත් කරමින් පොදු ජනතාවට ද පහසුකම් ඇති සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් නිර්මාණය කිරීමට බිලාල් අහ්මඩ් සමත්ව තිබේ.

(ඒ.එන්.අයි.)



අදහස් (0)

සූර්ය බලැති මෝටර් රථයක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1684 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site