IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සිරියා අනාථයෝ අනාථයි

සිරියානු සරණාගතයන්ට සහනාධාර ලබාදීම ලෝක ආහාර වැඩ සටහන නවතා දැමීම හේතුවෙන් ඔවුන් බලවත් අසීරුතාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සිරියානු සරණාගතයන් ලක්ෂ 17ක් සඳහා සහනාධාර ලබාදීමට වැය කළ අරමුදල අර්බුදයට ලක්වීම හේතුවෙන් මෙලෙස සහනාධාර සැපයීඹ නතරකිරීමට සිදුව ඇත.

එක්සත් ජාතින්ගේ ඒජන්සිය පැවසුවේ මෙම වැඩ සටහන මගින් ජෝර්දානයේ, ලෙබනන්, තුර්කිය, සහ ඊජිප්තුවේ සරණාගතයිනට ආහාර මිලදී ගැනීමට වවුචර් පත් ලබා දුන් බවයි. සහනාධාර නොමැතිවීමෙන් බොහෝ පවුල්වලට කුසගින්නේ ශීත සෘතුව ගත කිරීමට සිදුව ඇත.

ලෝක ආහාර වැඩ පිලිවලේ විධායක අධ්‍යක්ෂක එර්තරින් කුෂින් පැවසුවේ දෙසැම්බර් මාසයේ පමණක් සරණාගතයන්ට උදව් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 64 ක් එනම් පවුම් මිලියන 41 ක් අවශ්‍යව තිබෙන බවයි.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසෙඩ් ට විරුද්ධව මීට වසර තුනකට පෙර ඇතිවූ කැරළි හේතුවෙන් සිරියාවේ ලක්ෂ 37 කට වඩා රටින් පලාගොස් ඇති අතර ලක්ෂ 76 ට සිරියාව තුලම උන් හිටි තැන් නැතිවි තිබේ.

ආහාර වැඩ සටහන නැවත්විමෙන් අනාථයන්ගේ සෞඛ්‍යයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වි ඇතැයිද අසල්වැසි රටවල් වල ආරක්ෂාවද නැතිවි ගොස් ඇතැයි කොසින් මහත්මිය කිවාය.

අළුතින් අරමුදල් ලැබුනේ නම් අනාථයනට තම ඉලෙක්ට්‍රෝනික  වවුචර් මගින් ආහාර මිලදි ගැනිමට සහාය දැක්වීමට වහාම පියවර ගන්නා බව කොසින් මහත්මිය පවසයි.

Syria 1 Syria 2



අදහස් (0)

සිරියා අනාථයෝ අනාථයි

සත්‍යයා Monday, 08 December 2014 10:01 PM

අපේ රටේත් මේ පවතින අපරාධ,දූෂණ තවදුරටත් පැවතියහොත් අපි මීටත් වඩා අනාථයි. (නි)

:       0       0

ලක්ෂ්මී Wednesday, 10 December 2014 12:32 AM

මේ අයට උදව් කරන්න අනිත් අයට මෙත් කරුණා පහළ වේවා! (නි)

:       0       0

තරිඳු Tuesday, 09 December 2014 11:20 AM

සත්‍යයා, වොල්ටර් කරුණාකර නැවත මෙම පුවත නැවත කියවන්න. මෙහි සදහන් දේ තේරුම් ගැනීමට උත්සහ කරන්න. මානව හිමිකම් ගැන ලෝකෙටම පුරසාරන් දොඩවන ඇමෙරිකාව, බ්‍රිතාන්නය මේ රටවල් වල මිනිසුන් අතර කෝලාහල ඇති කරලා රජයන්ට නායකයන්ට විරුද්ධව මිනිසුන් නොමග යවල මුළු අරාබි කරේම රටවල් අතර සුහද තාවය නැති කරලා තිබෙන තත්වයක් දැන් තියෙන්නේ. අහිංසක මිනිස්සු කී දාහක් කන්න නැතුව මේ සිතල කාලේ දුක් විදිනවා ද? (ර)

:       0       0

විපුල Wednesday, 10 December 2014 03:24 AM

අපේ රටට‍ අවශ්‍ය මේ වගේ වෙනසක්. (නදී)

:       0       0

ජෝසප් පෙරේරා Tuesday, 09 December 2014 03:26 PM

ලෝක ආහාර වැඩ සටහන මේ සම්බන්ධයෙන් මුදල් ඉල්ලා ලොව සැමට ආයාචනයක් කර තිබෙනවා. "වර්ල්ඩ් ෆුඩ් ප්‍රෝග්‍රෑම්" වෙබ් අඩවියට ගොස් ඩොලර් එකක් වැනි සුලු මුදලක් පරිත්‍යාග කළ හැකියි.(හේ)

:       0       0

යශෝධා Tuesday, 09 December 2014 04:11 PM

ලස්සන දරු පැටවූ දුක් විදින හැටි. දුක හිතෙනවා. (ර)

:       0       0

වොල්ටර් Tuesday, 09 December 2014 04:19 AM

මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ මේකම තමා. (නි)

:       0       0

ජෝසප් පෙරේරා Wednesday, 10 December 2014 07:29 PM

ලෝක ආහාර වැඩ සටහන ඉල්ලා සිටි මුදල ඩොලර් මිලියන 64ක් වුවත් දැනට මිලියන 80 ඉක්මවා ආධාර ලැබී තියෙනවා.ඒ නිසා දැන් ප්‍රශ්නය ඉවරයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site