IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිරියාවේ හමුදා බුද්ධි අංශ මූලස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක්

නැගෙනහිර සිරියාවේ ඞීර් එසෝර් නුවර හමුදා බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට පෙරේදා (19) උදෑසන අති ප‍්‍රබල කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වී 100 දෙනෙක් තුවාල ලැබූහ. හමුදා අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුවුණේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත් එය ‘ත‍්‍රස්තවාදී’ කි‍්‍රයාවක් බවත් සිරියා රජය පවසයි. බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයකින් පැමිණ ආරක්ෂක අංශ මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිරිපිටදී එය පුපුරුවා ගෙන ඇතැයි පොලිසිය පවසයි. පිපිරුමෙන් මීටර් 3.5 ක් ගැඹුරට වළක් හෑරී ඇති බවත්, මීටර් 100 ක් දුරක පිහිටි ගොඩනැගිලිවලට සහ මෝටර් රථවලට හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ. හමුදා බුද්ධි අංශ ගොඩනැගිල්ලට අමතරව හමුදා රෝහල පිහිටා ඇත්තේ ද බෝම්බය පුපුරා ගිය ස්ථානය අසළය. තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වයස අවුරුදු 4 ක දරුවකු ද ඒ අතර සිටින බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමේ ඉඩක් ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී. පසුගිය මාර්තු මාසයේ සිරියා ජනපති බෂීර් අල් අසාද් සහ ඔහුගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වී, එය රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර අවි ගැටුමක් තෙක් දුරදිග යෑමෙන් පසු ඞීර් එසෝර් නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූ ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. මීට පෙර මේ අයුරින් බෝම්බ පුපුරා ගියේ ඩමැස්කස්, හොම්ස් සහ රෆ්තාන් යන නගරවලය. ප‍්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැති නමුත් ජනපති අසාද්ගේ රජය චෝදනා කරන්නේ එය කැරැුලිකරුවන් සිදුකළ ම්ලේච්ඡ කි‍්‍රයාවක් කියාය.



අදහස් (0)

සිරියාවේ හමුදා බුද්ධි අංශ මූලස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site