IMG-LOGO

සිරියාවේ සිදු වුණේ සෙරීන් රසායනික විස වායු ප‍්‍රහාරයක්

සිරියාවේ ඉකුත් අගෝස්තු මස 21 වැනිදා සිදුවුණේ ‘සෙරීන්’ නමැති රසායනික විස වායු ප‍්‍රහාරයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර ඇත.

එම පරීක්ෂණ කණ්ඩායම සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරින් සිදුවුණු එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකැසූ වාර්තාවේ මේ බව සඳහන් වී ඇත.

එම වාර්තාව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා (16) මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනමනු ලැබුවේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය ඒක් සෙල්ස්ට්‍රෝම් විසිනි.

ඒ අනුව, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කළ අනුමානය නිවැරදි වූ බවද පැවැසෙයි. ඔවුන් තරයේ කියා සිටියේ ප‍්‍රහාරයට වගකිවයුත්තේ සිරියානු රජය බවටය.

මැදපෙරදිග කලාපයේ විශාලතම සේරීන් විස වායු අවි තොගය ඇත්තේ සිරියානු රජය සතුවය. එමණක් නොව, සිරියානු රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය සතුව ද සෙරීන් විස වායු ඇතුළුව රසායනික අවි ඇති බව අනාවරණය වී ඇත.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම පෙරේදා (16) එම වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට ලබා දුන්නේ, සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.

රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට යට කිරීමට සිරියානු රජයට සතියක කාලයක් ලබා දීමට ද ඇමෙරිකාව එම යෝජනාවලියට කැමැත්ත ලබා දෙමින් කියා තිබුණි.

 



අදහස් (0)

සිරියාවේ සිදු වුණේ සෙරීන් රසායනික විස වායු ප‍්‍රහාරයක්

ප්‍රසන්න Wednesday, 18 September 2013 10:29 AM

ඉතින් කෝ ගැහුවේ කව්ද කියලා නැහැනේ. (නි)

:       0       0

සිල්වා Thursday, 19 September 2013 01:06 AM

ඇමරිකාවට ජය වේවා !(නදී)

:       0       0

චමී Wednesday, 18 September 2013 11:12 AM

ඇයි පරීක්ෂණ හොඳට කියවලා බලන්න ගැහුවේ කවුද කියලා. කෝ දැන් ඇමරිකාවට බැන්න මෝඩ රැළ. ඇමරිකාව හරි. (ස)

:       0       0

ජලීල් Wednesday, 18 September 2013 11:59 AM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 12:43 PM

මෝඩ චමී, බැන්කීන්මුන් කියන්නෙත් ඇමෙරිකාවට කඩේ යන කෙනෙක්. මේකේ පැහැදිලිව තියනවා දෙපැත්තේම සෙරින් විස වායුව තියනවා කියලා.ඇමෙරිකාව තමා ලොකුම විසබීජය. (ස)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 18 September 2013 01:21 PM

චමි ආපහු හොඳට කියවල බලන්න. මේකේ කියල නැහැ සෙරින් වායුව සිරියාව ගැහුවා කියලා. ඒකේ කියලා තියෙන්නේ ඒ ගසපු වායුව කවුරු හෝ සෙරින් වායුව කියලා. ඊට අමතරව කියල තියෙනේ සිරියන් රජයත් විරුද්ධ ත්‍රස්තවාදීන් අතත් (මේ දෙගොල්ලෝ ගාවම ) මෙම සෙරින් ගෑස් වායුව තිබෙයි කියලා. ඇමරිකාවට යුරෝපයට අවශ්‍ය මෙය සිරියන් රජය කළා කියල ඒ පිට ගහල යුද්ධයක් කරන්න.(නදී)

:       0       0

වත්සලා Wednesday, 18 September 2013 01:23 PM

චමි පන් මල්ලක් අරගෙන ඇමරිකාවට කඩේ යන්නේ. ඕක හයිය මදි වෙන මල්ලක් සොයා ගන්න කඩේ යන්න.(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 18 September 2013 07:19 PM

එක්කෙනෙකුටවත් මේක තේරිලා නැහැ. මේක කියවලා බලන්නකෝ. "ඒ අනුව, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කළ අනුමානය නිවැරදි වූ බවද පැවැසෙයි. ඔවුන් තරයේ කියා සිටියේ ප‍්‍රහාරයට වගකිවයුත්තේ සිරියානු රජය බවටය." (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 18 September 2013 01:33 PM

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ රසායනික අවි ප්‍රහාරය එල්ල වෙන කොටම කොහොමද ඇමෙරිකාව දන්නේ ඒක සෙරින්ම කියල? හරිම පුදුමයි නේද ?(නදී)

:       0       0

අතුල Wednesday, 18 September 2013 02:14 PM

බඩු දීපු මිනිස්සු ( සෙරින් වායුව සපයපු ) දන්නවා . ඒක ගහපු ගමන් කියන්න ඒ ගැහුවේ සෙරින් ගෑස් වායුව කියලා . පුදුම වෙන්න ඕන නැහැ මහේන්ද්‍ර සහෝදරයා. (ස)

:       0       0

බන්ඩා Wednesday, 18 September 2013 08:23 PM

දැන් සිරියාවට කුඩුවෙන්න දෙන්න ....ඇමෙරිකාවට ජයවේවා...(දී)

:       0       0

එදිරිසිංහ Wednesday, 18 September 2013 08:42 PM

දැන් ඔය සතිය කවදද ඉවරවෙන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 50 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 522 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 66 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 40 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 105 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 2966 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1403 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1605 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 418 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site