IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අසල්වැසි ලෙබනනයට පැතිරේ

ලෙබනනයේ සිටින සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ඊයේ (22) ඇල්බී‍්‍ර නුවරදී දරුණු ගැටුමක් හටගත් අතර, ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණු එම පිරිස් විසුරුවා හැරීමට ලෙබනන් හමුදාව එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී 50 දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම් පවතින්නේ සිරියා රජයට පක්ෂ අලාවිට්ස් මුස්ලිම්වරුන් සහ සිරියා රජයට විරුද්ධ සුන්නි මුස්ලිම්වරුන් අතරේය. සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ වූයේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව හඬ නැගූ සුන්නි පූජක ශීක් අහමෙද් අබ්දුල් මීට දින කිහිපයකට පෙර, ලෙබනන හමුදා සෙබළුන් අතින් ඝාතනය වීමත් සමඟය. ලෙබනන් හමුදා සෙබළුන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ශීක් අහමෙද් අබ්දුල් මියගියේ, හමුදා මුර පොළක් අසලදීය. එම අවස්ථාවේදී ඔහු, සිරියාවේ විපක්ෂ කි‍්‍රයාකාරීන්ට සහ කැරැලිකරුවන්ට සහාය දක්වමින් ජනපති අසාද්ගේ රජයට එරෙහිව විරෝධතා පෙළපාළියකට එක් වී සිටියේය. ඇල්බී‍්‍ර නුවර මෙන්ම අක්කාර් පළාතේත් බීරූට් නුවරත් විරෝධතා පැවැත්වුණු බව වාර්තා වේ. ඉකුත් සතියේ ලෙබනනයේ ටි‍්‍රපොලි නුවර ද සිරියා රජයට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් පැවැති බව වාර්තා විය.  ලිබියාවේ මෙන් ලෙබනනයේ ද ටි‍්‍රපොලි යනුවෙන් නගරයක් ඇත. 2008 වසරේ සිවිල් යුද්ධයෙන් පසු ලෙබනනයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා යළි හිස එසවූ පළමු අවස්ථාව මෙයයි.



අදහස් (0)

සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අසල්වැසි ලෙබනනයට පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site