IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් සොල්දාදුවෝ 33 ක් මියයති

සිරියානු රජයේ හමුදා විසින් වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් තුර්කි සොල්දාදුවන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව තුර්කි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඉඩ්ලිබ් පළාතේ තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදුවී ඇති බව තුර්කියේ හැටේ පළාතේ ආණ්ඩුකාර රහ්මි ඩෝගන් පවසයි.

"අපේ සොල්දාදුවන් තිස් තුන්දෙනෙක් ගුවන් ප්‍රහාරයේ ප්‍රතිපලයක් ලෙස දිවි පිදුවා." යැයි ඩෝගන් මහතා සඳහන් කළේය.  

සිරියාවේ ප්‍රධාන මිලිටරි සගයා වන රුසියාව කියා සිටියේ තුර්කි හමුදා සිරියානු හමුදාවන්ට පහර දෙන විට ජිහාඩ් සටන්කරුවන් සමඟ ක්‍රියාත්මක වූ බවයි.

රුසියාව විසින් සහාය දක්වන රජයේ හමුදා තුර්කියේ පිටුබලය ලබන කැරලිකරුවන්ගෙන් ඉඩ්ලිබ් ආපසු ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර කැරලිකරුවන් ප්‍රධාන නගරය වන සරකේබ් නැවත අත්පත් කර ගැනීමෙන් පසුව ගුවන් ප්‍රහාර එල්ල විය.

ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් අන්කාරාහි හදිසි ඉහළ පෙළේ ආරක්ෂක රැස්වීමක් පැවැත්වීමෙන් පසුව තුර්කි හමුදා සිරියානු රජයේ සියලු ඉලක්ක වෙත ගොඩබිම සහ ගුවන් ප්‍රහාර ආරම්භ කිරීමට පටන් ගත් බව තුර්කි සන්නිවේදන අධ්‍යක්ෂ ෆරෙටින් අල්ටුන් පැවසීය.

කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට පවසන්නේ බෙහුන් ප්‍රදේශයේ “ත්‍රස්තවාදීන්” සමඟ ක්‍රියාත්මක වෙමින් සිටියදී තුර්කි සොල්දාදුවන් “බෝම්බ ප්‍රහාරයකින්” මිය ගොස් ඇති බවයි. 

තුර්කි හමුදා එම ප්‍රදේශයේ සක්‍රීයව සිටින බව දැනුම් දී නොමැති බව රුසියාව වැඩිදුරටත් පවසයි.

 

(බීබීසි පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් සොල්දාදුවෝ 33 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site