IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සිරියාවේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරී 40 ක් මරුට:

සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (10) අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගිය අතර 40 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 160 කි. බෝම්බ පුපුරා ගියේ ඊයේ උදෑසනය. මියගිය අය අතර පාසල් දරුදැරියන් සහ කාන්තාවන් බොහෝ දෙනකු සිටින බව සිරියා රජය පවසයි. බෝම්බ පුපුරුවා හැරියේ රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා ආයුධ කැරැුලිකරුවන් යැයි සිරියා රජය චෝදනා කරයි. එම බෝම්බ පිපිරීමත් සමඟ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට හඳුන්වා දුන් සාම සැලැස්ම මුළුමනින්ම බිඳ වැටී ඇතියි ඇමෙරිකාව චෝදනා කරයි. මේ අතර සාම සැලැස්ම නිසායාකාරව කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමට, සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයන් ගමන් කළ රථ පෙළකට පෙරේදා (9) රාති‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය. එම බෝම්බ ප‍්‍රහාරයෙන් රථ පෙළේ ආරක්ෂාවට ගමන් කළ හමුදා සෙබළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරයෙන් සාම නිරීක්ෂකයන්ට කිසිදු අනතුරක් සිදු නොවිණි. සාම නිරීක්ෂකයන් ගමන් කළ රථ පෙළ හසුවූයේ දකුණුදිග සිරියාවේ ඩාරා නුවර ප‍්‍රධාන මාර්ගයක් අසල අටවා තිබූ අධි බලැති බෝම්බයකටය. එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂණ කණ්ඩායමේ නායකයා වන මේජර් ජෙනරාල් රොබට් මූඞ් එම රිය පෙළේ සිටි බවත් ඔහුත් ඔහු සමඟ සිටි සෙසු නිරීක්ෂකයන් 11 දෙනාටත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සිරියා රජයත් පවසයි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් සිරියාව වෙනුවෙන් සකස් කළ එම සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේදැයි සෙවීමට එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂකයෝ 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිරියාවට පැමිණ සිටිති. ඔවුහු සිරියාව පුරා සංචාරය කරමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවන්නේදැයි සොයා බලති. සිරියාවේ සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට නම් තමා සකස් කළ සාම සැලැස්මට අනුව කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්, ඊයේ (10) සිරියා රජයෙන් සහ කැරැලිකාර පාර්ශ්වයෙන් ඉල්ලීමක් කළේය. මාස 14 ක් තිස්සේ පවතින සිරියා අර්බුදයට විසඳුමක් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ විශේෂ නියෝජිතයා වන්නේ ද කොෆී අනන්ය. ඔහු සිරියාවේ ගැටුම් නිමා කිරීමේ අදහසින් කොන්දේසි හයකින් යුත් සාම සැලැස්ම සකස් කළේ අරාබි ලීගයේ ද සහාය ඇතිවය. එම සාම සැලැස්ම ඉකුත් අපේ‍්‍රල් 12 වැනිදා සිට කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති අසාද්ගේ රජයත්, කැරැුලිකාර පාර්ශ්වයත් කැමැත්ත පළ කළේය. සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය අවසන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කරන්නැයි බල කරමින් එරට විපක්ෂ කණ්ඩායම් සහ කැරැුලිකරුවන් සන්නද්ධ අරගලයකට පිවිසියේ ගඩාෆිගේ පාලනයට එරෙහිව ඉකුත් වසරේ ලිබියාවේ ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදීය.



අදහස් (0)

සිරියාවේ අධි බලැති බෝම්බ දෙකක් පිපිරී 40 ක් මරුට:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site