IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සිරියාවෙන් යන්නේ නෑ‘

තමන් උපන්නේත් මැරෙන්නේත් අන් දේශයක නොව සිරියාවේම බව සිරියා ජනපති බෂීර් අල් අසාඩ් කියයි. ඔහු මේ බව පැවැසූයේ රුසියානු රූපවාහිනී නාලිකාවක් හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. බටහිර රටවල් සිරියාවේ ගැටලූවට අතපෙවීම අනවශ්‍ය බව කියන සිරියානු ජනපතිවරයා එසේ කිරීමට තැත් කළහොත් බරපතළ ප්‍රතිවිපාක අත්වනු ඇතැයි අනතුරුද ඇගවයි. බෂීර් අල් අසාඩ් සිරියාව අතහැර පළා එන්නේ නම් ඔහුට ආරක්ෂාව ලබා දීමට තම රජය සූදානම් බව බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි. බ්‍රිතාන්‍යය අගමැතිවරයාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව බැහැර කරන බෂීර් අල් අසාඩ් තමන් බටහිර ගැති රූකඩයක් නොවන බවද ලිබියාවේ ගඩාෂිට වඩා තමන් ශක්තිමත් බවද කියයි. සිරියානු ජනපතිවරයාගේ මුරණ්ඩු ප්‍රතිපත්තිය හමුවේ බටහිර රටවල් දැන් සිය අවධානය යොමු කර ඇත්තේ සිරියාවේ විපක්ෂය දෙසටය. ඒ ඔවුනට සහය දී හෝ බෂීර් අල් අසාඩ් ගේ රජය පෙරළා දැමීමටයි. එහෙත් විපක්ෂයේ ඇතැම් මත ගැටුම් නිසා ඒ පියවරද සාර්ථක වන බවක් දැනට නොපෙනේ. මාස 19 ක් පුරා සිරියාවේ බෂීර් අල් අසාඩ් ගේ රෙජීම හමුදා හා කැරලිකරුවන් ඇවිලෙන ගැටුම් වලින් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 38000 කට ආසන්නය.තත්ත්වය තවත් බරපතල කරමින් සිරියාවේ ගැටුම් මුලූ මැදපෙරදිග පුරා ව්‍යාප්ත වීමට තැත් දරන ආකාරයක් දැන් පෙනේ. ලෝක බලවත්හු කළබල වී ඇත්තේ මේ හේතුව නිසාය. (කෝ වි ගු)



අදහස් (0)

‘සිරියාවෙන් යන්නේ නෑ‘

මධූ Friday, 09 November 2012 03:03 PM

කොහේ යන්නද ?? මරණය පේන මානයේ ඉන්නේ (ස)

:       0       0

සිල්වා Saturday, 10 November 2012 08:13 PM

අයියෝ සල්ලි

:       0       0

නිමල් Sunday, 11 November 2012 03:14 PM

ඒක තමයි දෙවියන්ගේ කැමැත්ත (ස)

:       0       0

මුතුකුඩ Friday, 09 November 2012 07:40 PM

ලිබියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)

:       0       0

ග්‍රේර්ෂියන් Monday, 12 November 2012 05:30 AM

තමන්ගෙ රටට ආදරේ මිනිස්සු ඔහොම තමයි. ඉපදුණු රටේම මියැදෙනවා. (නි)

:       0       0

ෂිරාස් Saturday, 10 November 2012 10:34 AM

මධූ, ඔයා ඉදිරිපත් කරන්නේ ජාති වාදී අදහස් විතරමනේ (ස)

:       0       0

අජිත් Sunday, 11 November 2012 11:43 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site