සිරියා රජයේ හමුදාවට සහාය පළ කරමින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන් සිරියානු අර්බුදයට සම්බන්ධ වීම ඔවුන් කළ බරපතළ වරදක් බවත් ඔවුන්ට එහි පලවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකාව පවසා ඇත.
ඇමෙරිකා රජය හිස්බුල්ලා සටන්කාමීන්ට එසේ අනතුරු ඇඟැවූයේ හිස්බුල්ලා සහාය ඇතිව සිරියානු රජයේ හමුදාව කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පැවැති ක්වසාර් නමැති නගරය යළි අත්පත් කර ගැනීමට සමත් වූ අවස්ථාවේදීය.
වහාම සිරියාවෙන් පිටවන්නැයි සිරියා කැරැුලිකරුවන්ට එරෙහිව සටන් වදින හිස්බුල්ලා සටන්කාමීන්ට ඇමෙරිකා රජය යළිත් වරක් නියෝග කර ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීමෙන් සිදුවන්නේ් එම අර්බුදය තව තවත් අවුල් වීමක් බවත් ඊට සාමකාමී විසඳුමක් සෙවීමට නොහැකි වනු ඇති බවත් ඇමෙරිකාවේ අදහසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සහාය පළ කරන්නේ සිරියානු කැරැලිකරුවන්ටය.
සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය සටන්කාමී සංවිධානයක් පමණක් නොව, දේශපාලනික සංවිධානයක් ද වෙයි.
සිරියාවේ සිවිල් යුද්ධය තමාගේ යුද්ධයක් බවත් එය අවසන් වනතුරු සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවත් හිස්බුල්ලා නායක හසන් නසරල්ලා පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියානු අර්බුදයට මැදිහත්වීම හිස්බුල්ලා සංවිධානය කළ වරදක්
ජෙෆ් Friday, 07 June 2013 05:51 PM
ස්වාධීන රටක ප්‍රශ්නයකට අතයි ඔළුවයි දැමීම ඇමරිකාව කරන වරදක් ලෙස නොපෙනීම පුදුමයි (නි)
මහින්ද Friday, 07 June 2013 07:48 PM
මේ කටිටියගේ හිස් ගසාදන්න දෝනා යානා වැඩිපුර යවන්න.(නදී)
මහින්ද Friday, 07 June 2013 07:45 PM
මේ කටිටියගේ හිස් ගසාදන්න දෝනා යානා වැඩිපුර යවන්න.(නදී)