IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


සරම්ප වසන්ගතයෙන් කොංගෝවේ 6000ක් මරුට

කොංගෝ රාජ්‍යයේ සරම්ප වසංගතයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙය ලෝකයේ විශාලතම සහ වේගවත්ව පැතිරෙන වසංගතය ලෙස හඳුනාගෙන ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

පසුගිය වසරේ කොංගෝ රටෙන් සරම්ප රෝගීන් 310000ක් පමණ වාර්තා වී ඇත.

රටේ පළාත් 26න්ම සරම්ප රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසයේ සිට රෝගීන් වාර්තා වීම වැඩි වන්නට විය.

රෝගය මර්දනය කිරීම සඳහා කොංගෝ රජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට හදිසි එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2019 වසරේදී රට පුරා ළමුන් මිලියන 18කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබාදුන් බවයි.

එහෙත් යටිතල පහසුකම් දුර්වල වීම, සෞඛ්‍ය මධ්‍යස්ථානවලට පහර දීම සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමට නොහැකි වීම යන හේතු නිසා රෝගය පැතිරීම වැළැක්වීමට දරන ප්‍රයත්න අඩාල වී තිබේ.

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය ද දරුණු ලෙස පැතිරෙමින් ඇත.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සරම්ප වසන්ගතයෙන් කොංගෝවේ 6000ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 588 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site