IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෙරෙප්පු කම්හලක් දැවී අළු වී යයි

පිලිපීනයේ මැනිලා අගනුවර රබර් සෙරෙප්පු කම්හළක ඇතිවූ ගින්නකින් සේවකයන් 45 දෙනකු මියගොස් 26 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මහල් දෙකකින් යුතු මේ කර්මාන්තශාලාවේ ඉදිරිපස ගේට්ටුවේ පෑස්සුම් කටයුත්තක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි එරට ගිනි නිවන ඒකකය පවසයි.

අතුරුදන්ව ඇති සේවකයන් අධික දුමාරය හා ගින්න හේතුවෙන් පලායන්නට ඇතැයි කර්මාන්තශාලාවේ හිමිකරු පවසා ඇත. ගිනි නිවන සේවකයන් පවසන්නේ අතුරුදන්ව ඇතැයි කියන සේවකයන් ද ගින්නට හසුවී මිය යන්නට ඇති බවට සැකකරණ බවයි.

හමුවූ මළ සිරුරු වැඩි ප්‍රමාණයක ඉතිරිව තිබුණේ හිස්කබල හා පිළිස්සීගිය ඇටසැකිලි පමණක් බව මාධය වාර්තා පෙන්වා දී ඇත. මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම ඉතා අසීරු කරුණක් වනු ඇතැයි ද එරට පොලිසිය පවසයි. ගින්න හටගන්නා අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයෝ 200-300ක් අතර පිරිසක් සේවය කළහ.

සෙරෙප්පු සාදන ද්‍රව්‍ය පහසුවෙන් ගිනි ගැනීමත් ඒ සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය ද ගිනිගන්නා සුළු වීමත් ගින්න ඉක්මණින් පැතිරයාමට හේතුවන්නට ඇතැයි බලධරයෝ කියති.



අදහස් (0)

සෙරෙප්පු කම්හලක් දැවී අළු වී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site