IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සුරතල් බැල්ලිය දරුවා සොයා දෙයි

වෘකයින් හා වග වළසුන් ගැවසෙන මහ වනයේ සති දෙකකට ආසන්න කාලයක් අතරමංව සිට අවසානයේ තම දෙමව්පියන් හා නැවත වරක් එකතුවීමට යන කුඩා දැරියක පිළිබදව සයිබීරියාවෙන් වාර්තා වේ.

කරීනා චිකිටෝවා නම් වන මේ දැරිය තෙහැවිරිදිය.අසළ ගම්මානයකට ගිය තම පියා පසුපසින් යෑමට තැත්කළ ඇය මෙසේ වනයේ අතරමංව වුවාය.

නැවත යායුතු මඟ සොයාගත නොහැකිව ඇය වනයේ ගතකර ඇති කාලය සති දෙකකට ආසන්නය.මුලූ කාලය පුරාම ඇයගේ පිහිටට සිට ඇත්තේ ඇයගේ සුරතල් බැල්ල වූ නාඩියා පමණකි.

නාඩියා තම කුඩා ස්වාමිදුවණියට ආරක්ෂාව සපයමින්,තම ලොම් වලින් සීත රැයේ ඇයට උණුසුම ලබා දෙමින් ඇයට බලා කියාගෙන ඇත.

තම ස්වාමිදුවණිය දුර්වල වන බව දැනගත් නිසාදෝ නාඩියා නැවත වරක් කෙසේ හෝ මග සොයාගෙන ඔවුන් ජීවත්වූ ගම්මානය වෙත පැමිණ තිබේ.

ගම්මානයේ සියළු දෙනාම කුඩා කරීනා සොයා වනය පීරමින් සිටි අතර නාඩියා දැකීම ඔවුන්ගේ නෙතට රසඳුනක් වැනි විය.එසේ වුවත් නාඩියා නිවෙස් වල ඇති කරන සාමාන්‍ය බැල්ලියක නිසාවෙන් ඇය පසුපසින් ගොස් කරීනා සොයාගැනීමට ගම්වැසියන්ට තවත් බොහෝ වේලාවක් ගතව ඇත.

අවසානයේ ඇය සොයාගන්නා විට කරීනා සිටියෝ තණ ගොල්ලක නින්දේය.ඇය ඉතා දුර්වල තත්ත්වයේ සිටියාය.

වහාම ඇය රෝහල් ගත කෙරුණු අතර දැන් දින කිහිපයක ඇවෑමෙන් ඇය සුපුරුදු ශක්තිය ලබා සිටින්නීය.

දැන් කරීනාගේ එකම අරමුණ තම පවුල හා එකතු වීමය.

article-0-217B498100000578-961_306x603 article-2721673-206EFDA200000578-597_634x476 article-2721673-206EFDB200000578-262_634x476



අදහස් (0)

සුරතල් බැල්ලිය දරුවා සොයා දෙයි

අමා Sunday, 21 September 2014 10:38 PM

දැන් ඉන්න සමහර මිනිසුන්ට වඩා උතුම් ගති තිරිසන් සතුන් ලග තියනවා (නදී).

:       0       0

රෙජි-සිඩ්නි Monday, 22 September 2014 03:54 AM

අමා ඔබගේ අදහස නම් සම්පුර්ණ ඇත්ත. (ස).

:       0       0

ඒකනායක Sunday, 21 September 2014 07:11 AM

මේ කොච්චර හොඳ බැල්ලියක්ද? ඇයගේ ඡායාරූපයකුත් දාන්න (නි)

:       0       0

සෙනරත් Sunday, 21 September 2014 07:10 AM

බැල්ලියගේ පින්තුරයක් දමන්නම ඕනා නේ. ඒ සතාට පින් (නදී)

:       0       0

පද්මිණී Sunday, 21 September 2014 07:12 AM

බැල්ලිගේ පින්තූරයක් දැම්මා නම් හොඳයි (නදී)

:       0       0

රජින්ද Sunday, 21 September 2014 08:56 AM

මෙලොව මිනිසුන් කවදා හෝ අමරණීය වේද ඊට ප්‍රථම අහිංසක තිරිසන් සතුන් අමරණීය වනු ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site