IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සරණාගත දරුවන්ගෙන් අඩක් පාසල් ගිහින් නැහැ

 ජිනිවාහිදීය (ඒ.එෆ්.පී)

ලොව වෙසෙන සරණගත දරුවන්ගෙන් අඩක් පාසල් නොයන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය ප්‍රකාශ කරයි. 

දැනට සරණාගත දරුවන් මිලියන 3.5කට ප්‍රමාණයක් පාසල් නොයන බවත් එම සංවිධානය තවදුරටත් පෙන්වා දෙයි. මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ශක්තිමත් සහ අඛණ්ඩව අරමුදල් යෙදවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ බව ද සංවිධානය අවධාරණය කරයි. 

“අද වනවිට වයස අවුරුදු 5ත් 17ත් අතර වයසේ පසුවන සරණාගත දරුවන් මිලියන 6.4ක් පමණ ඉන්නවා. ඔවුන්ගෙන් මිලියන 3.5ක් පසුගිය වසරේදී එකම දිනයක්වත් පාසල් ගිහින් නැහැ. ඔවුන් පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණය මත කල් ගෙව්වා” යැයි එම සංවිධානයේ නවතම වාර්තාව සඳහන් කර ඇත.

කෙසේ නමුත් පෙර වසරේ සංඛ්‍යා දත්ත හා සැසඳීමේදී මේ වසරේදී යම් වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි ද එම වාර්තාව කියයි. මීට පෙර වාර්තාවට අනුව මිලියන 3.7ක් පාසල් ගොස් නැති අතර එය නවතම වාර්තාවට අනුව මිලියන 3.5ක් දක්වා අඩු වී තිබේ. 

“සාමකාමී සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් මේ සරණාගත තරුණයන්ගේ අධ්‍යාාපනයම ඉතාම වැදගත්. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම ඔවුන්ගේ රටේ අනාගත සෞභාග්‍යයටත් ඉතා වැදගත්” යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානි ෆිලිප්පෝ ග්‍රාන්දි සඳහන් කළේය. 

055



අදහස් (0)

සරණාගත දරුවන්ගෙන් අඩක් පාසල් ගිහින් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site