IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සියවස් හතරකට කුණාටුව නැව ගොඩ ගනී

සියවස් හතරක් පමණ මුහුදු බත්වී තිබූ ස්පාඤඤ නාවික යාත්‍රා සමූහයක භාණ්ඩ රැසක් අයර්ලන්ත මුහුදු තීරයනේ සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1588 දී පමණ මුහුදේ ගිලී ගියායැයි විශ්වාස කරන නැවක තිබී කාලතුවක්කු රැසක්, ලී දඩු සහ නැංගුරම් සොයා ගැණිනි. අයර්ලන්තයේ උරුමයන් පිලිබඳ අමාත්‍යාංශයේ කිමිදුම්කරුවන් විසින් මෙම සොයා ගැනීම කැර ඇත.

පසුගිය වසර දෙක තිස්සේ හමාගිය දැඩි කුණාටු හේතුවෙන් 16 වැනි සියවසට අයත් මෙම යාත්‍රා පිටතට නිරාවරණය වූ බව සමුද්‍ර පුරාවිද්‍යා පර්යේෂක කණ්ඩායම් කියයි.  මෙම යාත්‍රා දීර්ඝ කාලයක් තිස්සේ අයර්ලන්තයේ ස්ලිගෝ දිස්ත්‍රික්කයේ ස්ට්‍රීඩෝ මුහුදු තීරයේ මුහුදු පත්ලේ සැඟවි තිබි ඇත.

පසුගිය අප්‍රේල් මස අයිරිෂ් භාෂාව කථාකරණ අයර්ලන්තයේ කලාපය වන ගෙල්ටැච් හි වෙරළට ලි දඩු පාවී ඒමට පටන් ගෙන ඇති අතර මේ ගැන එරට රජය අවධානය යොමුකර ගෙන සිටි බව කලා උරුමයන් පිලිබඳ අමාත්‍ය හීතර් හම්ප්‍රේස් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

අපගේ අළුත්ම සාක්ෂි මගින් පෙන්වා දි ඇත්තේ අනෙක් නැව්දෙකේ සැකිලි ආරක්ෂිත වැලි ස්ථරයේ තවමත් වැළලි ඇති බවයි. හම්ප්‍රේ පැවසුවේ ලා ජුලියානා නැව් සැකිල්ලේ කොටසක් මුහුදු පත්ලට නිරාවරණය වි ඇති බවයි. ඒ අතර තුවක්කු සහ අනෙක් සැකිලි ද්‍රව්‍ය තිබෙන බවද හෙතෙම පවසයි.

මෙම ද්‍රව්‍ය ඉතාමත් ‍‍ඵෙතිහාසික සහ පුරාවිඥාත්මක අතින් අනර්ඝවේ. හෙම්ප්‍රේ පැවසුවේ රජයේ පළමු ප්‍රමුඛතාවය නම් මෙම මෙවලම් ආරක්ෂාකාරිව ගොඩට ගැනීම බවයි. එවිට මෙම ද්‍රව්‍ය සුරක්ෂිතව සංරක්ෂණ කර ජාතික කෞතුකාගාරයේ තැබිය හැකි බවද හෙතෙම පවසා තිබේ.

මුහුදු බත්වු නැව්වල සැකිලි සහ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් සතිකීපයක් තිස්සේ ක්‍රියාත්මක බව අයිරිෂ් රජය පවසයි.



අදහස් (0)

සියවස් හතරකට කුණාටුව නැව ගොඩ ගනී

ෆෙරෝස් Friday, 19 June 2015 04:31 AM

නිධන් හාරන්නෝ එහෙම එහෙ නැද්ද? (නි)

:       0       0

බන්දුල Friday, 19 June 2015 05:12 AM

මේ වගේ තව කොච්චර නම් ඇද්ද? (නි)

:       0       0

ගුණේ Friday, 19 June 2015 05:32 AM

අපේ අයට පුරාවස්තු සොයනවාට වඩා 20න් වාසි ගන්නේ කොහොමද කියන එකයි වැදගත්. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 18 June 2015 08:06 PM

අපේ රට වටේත් ඕනෑතරම් ගිලුණු නැව් තිබෙනවා.ඒ පිළිබඳව හොයන අය විරලයි. රන් මුතුදූව චිත්‍රපටිය බලපු අය දන්නවා ඇති ඒ කාලේ මයික් විල්සන්ලා, ආතර් වැන්කියුලන්බර්ග්ලා කළ සේවය. දැන් සමුද්‍රික නීති එහෙම තිබෙන නිසා වැඩේ ටිකක් අමාරු ඇති (නි)

:       0       0

තිස්ස Saturday, 20 June 2015 10:43 AM

අපේ ඒවා ගන්නේ දේසපාලුවොයි, පුතාලයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site