IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


සීමා ලිහිල් කරන්න: රටවල් රැසක විරෝධතා

'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කර ගැනීමට පනවා ඇති සීමා ලිහිල් කරන්නැයි රජයට බල කරමින්, ඕස්ට්‍රේලියාවේ, ප්‍රංශයේ සහ ඉතාලියේ විරෝධතා ආරම්භ වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බන්, බ්‍රිස්බේන් යන නගරවල විරෝධතා පැවැත්වෙන බවත් දහස් ගණනක් දෙනා ඊට සහභාගී වී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විරෝධතාකරුවන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යෙදවුණු අවස්ථාවේදී, විරෝධතාකරුවන් සහ පොලිසිය අතරේ උණුසුම්කාරී තත්ත්වයක් ද හටගෙන ඇත.

ඕස්ට්‍රේලියා පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට, විරෝධතාකරුවන් 80 කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ඉතාලිය විරෝධතා ආරම්භ කර ඇත්තේ 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බැවිනි. සති අන්තයේ පැරිස් අගනුවර පැවැති විරෝධතා සඳහා සහභාගී වූ ගණන 1,60,000 කට වැඩි යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ.

නිවසින් පිටකට යන්නේ නම්, එන්නත් ලබාගෙන ඇති බව තහවුරු කරන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සහ එන්නත් ලබා නොගත් සෞඛ්‍ය ක්ෂේත්‍ර සාමාජිකයන්ට වැටුප් නොගෙවීමට ප්‍රංශ ජනාධිපති මැක්රොන් ගත් තීරණයට එරෙහිව මෙසේ විරෝධතා පැවැත්වෙයි. ජනාධිපති මැක්රොන් ඒකාධිපතියකු බවත්, තමන්ට ජීවත් වීමට නිදහස තිබිය යුතු බවත් පවසමින් ප්‍රංශයේ ප්‍රධාන නගර සිල්ලේම විරෝධතා රැලි පැවැත්වෙයි.

ඉතාලියේ රෝමය, නේපල්ස්, ටියුරීන් ආදී නගරවල විරෝධතා පැවැත්වෙයි. 'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී එයින් දරුණු ලෙස බැට කෑ යුරෝපා රටක් වන්නේ ඉතාලියයි.

ඉතාලියේ ද එන්නත් ලබා ගත් පුද්ගලයන්ට පමණක් නිවසින් පිටතට යෑමට ඉඩ ලබා දීමේ වැඩපිළිවෙළක් සැකැසීමට රජය සහ සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතී. එරට වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි.

(රොයිටර්)



අදහස් (0)

සීමා ලිහිල් කරන්න: රටවල් රැසක විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site