
අප්‍රිකාවට අයත් සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් පුද්ගලයෝ 34 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
කාර් බෝම්බ පුපුරා ගියේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපිටය. ප්‍රහාරයට හසුවීමෙන් තුවාල ලැබුවේත් මියගියේත් සිවිල් වැසියන් බව පොලිසිය කියයි. පළමු බෝම්බ පිපිරීම සිදුවීමෙන් මිනිත්තු කීපයක් ගත වෙද්දී දෙවැනි බෝම්බය පුපුරා ගිය බව වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. බෝම්බ පුපුරුවන්න ඇත්තේ සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්වාදීන් යැයි සැක කෙරේ. අල් ෂෙබාබ් යනු අල් කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත කල්ලියකි.
මීට සතියකට පෙර අල් ෂෙබාබ් ත්‍රස්තයෝ සෝමාලියාවේ කිස්මායෝ වරාය නගරයේ හොටලයකට කඩා වැදී පහර දුන්හ. එම ප්‍රහාරයෙන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 47 කි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෝමාලියාවේ බෝම්බ පිපිරී 34 ක් මියයති