බ්‍රිතාන්‍යයේ ‘සෙලෙබ්‍රිටි කෘසස්‘ ආයතනය සංවිධානය කරනු ලැබූ ‘ස්මාර්ට් ෆෝනයකින් ගත් හොඳම ඡායාරූපය‘ තරගාවලියෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරයේ සේයාරුවක් සමත්ව තිබේ.
මෙම සේයාරුව ගෙන ඇත්තේ චීන ජාතික සෝ කින්ග්ය.ඇය ශී්‍රලංකාවේ සංචාරයකට පැමිණි අතරවාරයේදී ගංගාරාම විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවකදී මෙම ඡායාරූපය ගෙන ඇත්තීය.
‘මට මතකයි මම ඡායාරූපය ගත්ත හැටි. එදා පන්සල බෞද්ධ කොඩි වලින් සරසලයි තිබුණේ.බලන්න හරිම ලස්සනයි.ඒත් ඒ සේරම ඇතුළත් වෙන විදියට ඡායාරූපය ගන්න එක තමයි අමාරු වුනේ.පසුව මම ගෙදර ඇවිල්ලා මම ශ්‍රී ලංකාවේ දී ගත් ඡායාරූප බැලූවා. මේ ඡායාරූපය තමයි ඒවා අතරින් හොඳම එක විදියට මගේ සිත දිනා ගත්තේ‘ ඇය කියන්නීය.
ඇය මෙම ඡායාරූපය තරගාවලියට ඇතුළත් කර ඇති අතර ඡායාරූප විශේෂඥයින්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක ඒකමතික තීන්දුව ලැබ එය ජයග්‍රහණය කර ඇත.
තරගාවලියට ඡායාරූප දහස් ගණනක් ලැබී තිබුණු බව සදහන්ය.
2025 නොවැම්බර් මස 04
74
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්මාර්ට් ෆෝන් හොඳම සේයාරුව ගංගාරමයෙන්
බණ්ඩාර කුවේට් Monday, 16 December 2013 11:48 AM
හරිම සුන්දරයි ඉන්දුනීසියාවේ මේවගේ තැනක් තිබෙනවා (දිල්)
කරුනාරත්න පෙරේරා Tuesday, 17 December 2013 05:59 AM
නිවැරදි විනිශ්චයක්. බුදු සසුන බැබලේවා.(නදී)
සුනිල් පෙරේරා Monday, 16 December 2013 03:26 PM
සද්ධා ගගුල හද බැති මල් පිපෙනවා වාගේ දම් සද ධජය බොදු ලොව ලෙල දෙනවා වාගේ අට ව්සි බුදුවරු මේ හෙළදිව බබලනවා වාගේ මේ පුන් පොහොය දින බුදු සමිදුන් වැඩයා වාගේ (දිල්)
තක්ෂි දුල්සරා තිරිමාදුර Tuesday, 17 December 2013 09:51 AM
ලස්සන දේවල් දකින්න වෙනස් දෘෂ්ටියක් තිබීම වැදගත්.(නදී)
දිනේෂ් Sunday, 15 December 2013 04:57 PM
අපිට ගොඩක් සන්තෝසයි බුදු සසුන බැබලේවා!(නදී)
මොහාන් -ඩුබායි Sunday, 15 December 2013 05:54 PM
සාදු..සාදු..සාදු..සාදු.. බුදු සසුන බැබලේවා!(නදී)
සංජීව Monday, 16 December 2013 08:35 AM
ලස්සන ඡායාරූපයක්.(නදී)
රිස්වාන් ඩුබායි Monday, 16 December 2013 09:44 AM
අපිටත් ආඩම්බරයි.(නදී)