IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි

චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.

චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි.

චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.

ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කළේ 2017 වසරේදීය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. රුසියාව ද උතුරු කොරියාවට මායිම් වෙයි. උතුරු කොරියාව සහ රුසියාව අතරේ සබඳතා පවතී.

පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය. එම සාකච්ඡා ඵලදායී විය.

එහිදී උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික අත්හදා බැලීම් කෙරෙහි අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

(රොයිටර්)



අදහස් (3)

සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි

AB Saturday, 26 November 2022 07:43 PM

ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් මැදිහත්වීම නොමැතිව චීනය සහ උතුරු කොරියාව සාම මාවතට පැමිණීමට පසුබිම නිර්මාණය කිරීම වැදගත් වේ. කලාපිය රාජ්‍යයන් සාමය වෙනුවෙන් එක්සත්ව ක්‍රියා නොකරන අවස්ථාවන්හිදී ඇමෙරිකානු හෝ යුරෝපිය රටවල් සහ UN මැදිහත්වීම වැළැක්විය නොහැක. රටවල් අතර ගැටුම් මතුව එම ගැටළු දිගින්දිගටම පවත්වමින් නොවිසඳෙන අවස්ථාවන්හිදී රටවල් එම අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන අතර තවත් රටවල් මැදිහත් කරුවකු ලෙස සාකච්ඡා සඳහා ඉදිරිපත් වේ. උතුරු කොරියාව නිතර බටහිර සහ ජපානය සමග අර්බුද නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක චීන ජනාධිපතිගේ ඉදිරිපත්වීම ගෝලීය වශයෙන් වැදගත්වේ.

:       2       12

Uba kawda Saturday, 26 November 2022 08:47 PM

ආපහු යුද්ධ නම් ඇති නොවේවා.!

:       0       2

චන්දන Sunday, 27 November 2022 03:34 PM

ඇමරිකානු අධිරාජ්‍යවාදය බිඳ හෙළන්න මෙවැනි සංධානයක් බිහිවීම ඉතා වැදගත් . ලෝක බලතුලනයට වැදගත් පියවරක් .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27338 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10879 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 634 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site