IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


සිම්බාබ්වේ සොහොනක මුගාබේගේ සිරුර භූමදානය කිරීමට යයි

සිම්බාබ්වේහි හරාරේ අගනුවර ජාතික වීරයන් සඳහා වෙන් කරන ලද ස්මාරක පිහිටි සොහොන් භූමියක එරට හිටපු පාලක රොබට් මුගාබේගේ සිරුර භූමදානය කිරීමට පවුලේ සාමාජිකයෝ අද (13) එකඟත්වය පළ කළහ.

නිදහස් සිම්බාබ්වේ පළමු රාජ්‍ය නායකයා වූ රොබට් මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 95 වැනි පසු වූ රොබට් මුගාබේ එක් අවස්ථාවකදී අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කිරීමට නායකත්වය දුන් ගරිල්ලා වීරයා ලෙස ජනතාව අතර ප්‍රසාදයට පත්විය.

එහෙත් ඔහුගේ 37 වසරක පාලනය අවසන් වනවිට ඔහු ඒකාධිපතියකු යැයි බොහෝ පාර්ශවවල චෝදනාවට ලක්විය. 2017 වසරේදී එරට සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේ බලයෙන් පහ කෙරුණි.

රොබට් මුගාබේගේ සිරුර බදාදා (11) සිම්බාබ්වේ වෙත රැගෙන ආ අතර ඔහුගේ සිරුර භූමදානය කිරීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සහ ජනාධිපති එමර්සන් මුනගැග්වා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

ජනාධිපති එමර්සන් මුනගැග්වා වසර ගණනාවක් රොබට් මුගාබේගේ සමීපතමයකු සහ ආධාරකරුවකු ලෙස කටයුතු කළ නමුත් අවසාන මොහොතේදී ඔහුට විරුද්ධ විය.

හරාරේ නුවර පිහිටි ජාතික වීරයන්ගේ ස්මාරක පිහිටි භූමියේ රොබට් මුගාබේගේ දේහය භූමදානය කිරීමට පවුලේ සාමාජිකයන් එකඟ වුණා යැයි රොබට් මුගාබේගේ බෑනා කෙනකු වන ලියෝ මුගාබේ පැවැසීය.

මුගාබේ පවුලේ ප්‍රධානීන් එම තීරණය ගත් බව ද පෞද්ගලික අවමංගල්‍ය උත්සවයක් වෙනමම පැවැත්වෙන බව ද හෙතෙම කීය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග්, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා යන රාජ්‍ය නායකයන් ද රොබට් මුගාබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත යැයි වාර්තා විය.

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

සිම්බාබ්වේ සොහොනක මුගාබේගේ සිරුර භූමදානය කිරීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 791 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 517 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site