IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සමන්තා පවර් යු.එස්.එයිඩ් ලොකු පුටුවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකානු නිත්‍ය නියෝජිතවරියක වන සමන්තා පවර් මහත්මිය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ (යු.එස්.එයිඩ්/යු.එස්.ඒ.අයි.ඩී) හී ප්‍රධානියා ලෙස පත් කිරීමට එරට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා පියවර ගත්තේ ය.

ලොවපුරා තිබෙන අර්බුදවලට තිබෙන විසඳුම් සෙවීමේදී ඇයට තිබෙන ජාත්‍යන්තර අත්දැකීම් ඉතා ඉහළ යැයි සමන්තා පවර්ගේ පත්වීම සම්බන්ධයෙන් විඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේය.

‘‘සංවර්ධන න්‍යාය පත්‍රය අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කුලුනක්ග ඊට නායකත්වය දෙන්න සමන්තා පවර් තරම් සුදුස්සෙක් නැහැ’’ යැයි හෙතෙම කීය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එම ධුරය දරන සමයේදී එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූයේ සමන්තා පවර් ය. එමෙන්ම ඇය බැරැක් ඔබාමාගේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ද කටයුතු කළාය. ඊට අමතරව ඇය හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සහ මානව හිමිකම් උපදේශිකාවක් ලෙස ද කටයුතු කළාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජයේ සහ ඇමෙරිකානු රජයේ සමඅනුග්‍රහය යෝජනාවක් ඉදිරිපත් වූ 2015 වසරේදී ද සමන්තා පවර් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු නිත්‍ය නියෝජිත ධුරය (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති) හෙබවූවා ය.

හිටපු විදේශ අමාත්‍යවරයකු සහ මුදල් අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරීම නිමිත්තෙන් කොළඹදී 2019 වසරේ පැවැති උත්සවයේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ ද සමන්තා පවර් මහත්මියයි.

මේ අතර සිරියානු යුද්ධයට හමුදාමය මැදිහත් වීමක් කිරීමට ඔබාමා පරිපාලනය ගත් තීරණයට සමන්තා පවර් දැඩි සේ විරුද්ධ වූ අතර ජනාධිපති ඔබාමා සමඟ දැඩි මත ගැටුම් ද ඇති කරගත්තා ය.

ඊට අමතරව ඔබාමා පරිපාලනය තවත් ප්‍රවීණයකු ලෙස සැළකෙන සහ එම පරිපාලනය සමයේ ආසියාව සම්බන්ධයෙන් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කටයුතු කළ කර්ට් කෑම්ප්බෙල්, ඉන්දු-ශාන්තිකර කලාපය සම්බන්ධ ධවල මන්දිර සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් පත් කිරීමට ද ජෝ බයිඩන් පියවර ගෙන ඇත. ඉන්දු-ශාන්තිකර කලාපයට චීනය ද අයත් වේ.

 

ද ගාඩියන් ඇසුරිනි - ඡායාරූපය රොයිටර්

 

055

 



අදහස් (0)

සමන්තා පවර් යු.එස්.එයිඩ් ලොකු පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site