
‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි.
චීනය පුරා පැවැත්වෙන මෙම විරෝධතා මර්දනය කිරීමට චීන රජය පොලිසිය යොදවා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව පවසා ඇත්තේ සාමකාමී අයුරින් පවත්වන ඕනෑම විරෝධතාවකට තමන්ගේ සහාය හිමිවන බවය. විරෝධතාකරුවන් මර්දනයට චීන රජය දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
ෂැංග්හායි නුවර විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටි බිබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. බීබීසී පුවත් සේවය පමණක් නොව, බ්‍රිතාන්‍ය රජය ද මේ සම්බන්ධයෙන් චීනයට අප්‍රසාදය පළ කර තිබේ.
දෛනිකව චීනයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40,000 බැගින් වාර්තා වෙයි. 'කොවිඩ් 19' වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු 'කොවිඩ් 19' ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.
දින ගණනක් තිස්සේ සිදුවන ලොක්ඩවුන් කිරීම් චීන වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කිරීමට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඒ නිසාය. මේ වනවිට ලෝකයේ සෙසු රටවල් 'කොවිඩ් 19' සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් චීනය පමණක් තවමත් දලදඩු සෞඛ්‍ය නිතී ක්‍රියාත්මක කිරීම චීන වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට චීනය ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් නිපදවා ඇති නමුත් ඒ කිසිදු එන්නතක් සාර්ථක නැතැයි බටහිර රටවල් පවසයි. ‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට සාර්ථක වී ඇත්තේ ‘එම්ආර්එන්ඒ’ තාක්ෂණයෙන් නිපදවන එන්නත් වර්ග පමණි.
‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යනු ‘එම්ආර්එන්ඒ’ එන්නත්ය. චීනයේ ‘සිනොවැක්’ එන්නතට වඩා සියයට 90 ක ආරක්ෂාවක් ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලින් ලැබෙන බව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය