රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා රුසියානු සෙබළුන් ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා සහ මියගොස් ඇතැයි ඇමෙරිකානු හමුදා ජනරාල් මාර්ක් මිලේ පවසයි.
රුසියානු හමුදාවන්ට සිදු වූ හානියට සමාන හානියක් යුක්රේන හමුදාවන්ටද සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බව ජනරාල් මාර්ක් මිලේ පවසා තිබේ.නමුත් ජනරාල් මාර්ක් මිලේගේ මෙම සංඛ්‍යා තහවුරු කිරීමට ප්‍රමාණවත් දත්ත නොමැති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය
සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමට අවස්ථාවක් තිබෙන බවත් යුද්ධය ජයග්‍රහණය කිරීමට යුක්රේනයට හෝ රුසියාවට අවස්ථාවක් නොමැති බවත් ජනරාල් මාර්ක් මිලේ ප්‍රකාශ කර තිබේ.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින්